Home Coronavirus 2020 වෛරසයේ මූලය සොයන්න එකට වැඩ කරමු – ඇමරිකාව සහ බ්‍රිතාන්‍ය නායකයෝ කියයි

වෛරසයේ මූලය සොයන්න එකට වැඩ කරමු – ඇමරිකාව සහ බ්‍රිතාන්‍ය නායකයෝ කියයි

374

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් කැඳවන ලද කොවිඩ් -19 සම්භවය පිළිබඳ අධ්‍යයනයේ මීළඟ අදියර “කාලෝචිත, විනිවිද පෙනෙන සහ සාක්ෂි පදනම් කරගත් ස්වාධීන ක්‍රියාවලියක්” සේ ක්‍රියාත්මක කිරීම සඳහා එක්සත් ජනපදය සහ එක්සත් රාජධානිය පසුගිය දිනක තම සහයෝගය ලබා දෙන බව ප්‍රකාශ කරන ලදී.

ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් පසුගිය දිනක එක්සත් ‍රාජධානියේ අගමැති බොරිස් ජොන්සන් මහතා හමුවූ අවස්තාවේ කොවිඩ් සම්භවය සම්බන්දයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කොට ඇති බව වාර්තා වේ.

වූහාන් නගරයෙන් පලමු කොරෝනා ආසාදිතයා හමුවී මේ වන විට අවුරුදු එකහමාරක් පමණ ගතවී ඇතත් වෛරසයේ ආරම්භය කෙසේ සිදු වූවාද යන්න තවම අභිරහසකි.

මේ හේතුවෙන් විද්‍යාඥයන් සහ විවිධ රටවල් මෙය ස්වභාවිකව ඇතිවූවාද එසේත් නැතිනම් වූහාන් විද්‍යාගාරයක් තුල නිපදවූවාද යන්න පිලිබඳව වැඩිදුර විමර්ශනයන් සිදු කරමින් සිටී.

මේ අනුව ඇමරිකනු රාජ්‍ය නායකයා සහ එක්සත් ජනපද අගමැති ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරමින් වැඩිදුරටත් ප්‍රකාශ කොට සිටියේ ජන ජීවිතයට විශාල බලපෑමක් එල්ල කල මෙම වෛරසය පැරදවීමට තාක්ෂණය දැනුම යනාදිය බෙදාගනිමින් රටවල් ද්විත්වයම එකට වැඩ කරන බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here