Home World සුප්‍රකට සන්නාම සදහා නිශ්පාදන කටයුතු වලට චීනය බලහත්කාරයෙන් ශ්‍රමය යොදා ගනී..?

සුප්‍රකට සන්නාම සදහා නිශ්පාදන කටයුතු වලට චීනය බලහත්කාරයෙන් ශ්‍රමය යොදා ගනී..?

688

එක්සත් ජනපද සෙනෙට් සභිකයෙක් පසුගිය දිනක ප්‍රකාශ කොට සිටියේ ඇමසන්,නයික්,ඇපල් ඇතුළු ඉහල පෙලේ සමාගම් වල නිශ්පාදන කටයුතු සදහා චීනය බලහත්කාරයෙන් උයිගර් ජන වර්ගයේ ශ්‍රමය යොදවන බවයි. උයිගර්වරුන්ට එරෙහිව චීනය විසින් ගෙන යන අපරාධ වලට මේ තුලින් ඇමරිකාවද හවුල් කර ගෙන ඇති බවට ඔහු චෝදනා නගයි. එසේ හෙයින් උයිගර්වරුන්ගේ ශ්‍රමය බලහත්කාරයෙන් ලබා ගැනීම වැලැක්වීමේ පනත ඉතා ඉක්මනින් සෙනෙට් සභාවේදී සම්මත කරගත යුතු බව ඔහු අවධාරණය කලේය.

මෑතකදී, එච් ඇන්ඩ් එම් සහ නයික් ඇතුළු සමාගම් කිහිපයක් කියා සිටියේ ෂින්ජියැන් හි කපු නිෂ්පාදනය සඳහා බලහත්කාරයෙන් ශ්‍රමය යොදවා ඇති බවට වන චෝදනා පිළිබඳව තමන් සැලකිලිමත් වන බවයි.

ක්‍රමෝපායික හා ජාත්‍යන්තර අධ්‍යයන කේන්ද්‍රයේ වාර්තාවකට අනුව චීනය ලෝකයේ කපු වලින් සියයට 22 ක් නිෂ්පාදනය කරන අතර ඉන් සියයට 84 ක් පැමිණෙන්නේ ෂින්ජියැං ප්‍රදේශයෙන් ය. මෙම ප්‍රදේශයේ උයිගර්වරුන් මිලියන දෙකකට අධික ප්‍රමාණයක් සමූහ රැඳවුම් කඳවුරුවල රඳවා ඇත.

මේ අතරම උයිගර් මුස්ලිම්වරුන් සමූහ රැඳවුම් කඳවුරුවලට යැවීම, ඔවුන්ගේ ආගමික කටයුතුවලට ඇඟිලි ගැසීම සහ ප්‍රජාවේ සාමාජිකයන් යම් ආකාරයක බලහත්කාරයෙන් නැවත අධ්‍යාපනය ලැබීම හෝ ඉගැන්වීම සඳහා යැවීම සම්බන්ධයෙන් චීනයට ගෝලීය වශයෙන් අනතුරු අගවා තිබේ.

නමුත් චීනය උයිගර්වරුන්ගේ මානව හිමිකම් තමන් උල්ලංඝනය කරමින් සිටිනවාය යන චෝදනාව තරයේ ප්‍රතික්ශේප කොට තිබේ.

මෙම වසර මුලදී, එක්සත් ජනපදය ෂින්ජියැන් හි චීන ක්‍රියා “ජන සංහාරයක්” ලෙස ප්‍රකාශයට පත් කළ ලොව පළමු රට බවට පත්විය. පෙබරවාරියේදී කැනේඩියානු සහ නෙදර්ලන්ත පාර්ලිමේන්තු දෙකම උයිගර් අර්බුදය ජන සංහාරයක් ලෙස පිළිගැනීමේ යෝජනා සම්මත කළහ. එසේම අප්‍රේල් මාසයේදී එක්සත් රාජධානිය විසින් සින්ජියැන්ග් හි චීනය විසින් සිදුකරන මර්දනය “ජන සංහාරයක්” ලෙස ප්‍රකාශයට පත් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here