Home Hit දුමින්ද සිල්වා නිදහස් කිරීම ගැන පාර්ශව රැසකින් විරෝධය

දුමින්ද සිල්වා නිදහස් කිරීම ගැන පාර්ශව රැසකින් විරෝධය

1060

මිනීමැරුමක් සම්බන්ධයෙන් චෝදනා ලබා සිරගත කොට සිටි දුමින්ද සිල්වාට නිදහස ලබාදීම සම්බන්ධයෙන් පාර්ශව ගණනාවකින් රජය වෙත ප්‍රසාදය එල්ල වී තිබේ. විශේෂ නිවේදනයක් නිකුත් කරන ශ්‍රී ලංකා නීතිඥ සංගමය දුමින්ද සිල්වාට නිදහස ලබාදීමේදී නිසි පටිපාටිය අනුගමනය කලේද යන්න ජනාධිපතිවරයාගෙන් විමසා තිබේ.

No photo description available.
May be an image of text that says 'ලුංකා නීතිඥ සංගමය லங்கைச் சட்டத்தரணிகள் சங்கம் ASSOCIATION OF SRI LANKA The reasons sentenced; why case of Duminda Silva stands out from others (d) Whether report called Proviso Article prior the report; are currently His Excellency the granting the pardon advice Duminda Trial Judges required Duminda Silva and othe contents Attorney General advice; Whether the Silva the whether Minister fJustice was obtained prior Minister Justice made such Association satisfied arbitrary granting result pardon Lanka maintains that any more considerations stated above, were pardon granted Duminda Silva unreasonable and esult loss confidence respect Yours faithfully, Rajeev Amarasuriya Secretary Association Lanka. Rajindh'

ජනාධිපති සමාව පිරිණැමීමේදී අධිකරණ අමාත්‍යවරයාගෙන් සහ එම නඩු තීන්දුව ලබාදුන් විනිසුරුවරයාගෙන් වාර්තා කැඳවිය යුතු බවත් මෙම සිදුවීමට අදාළව එය එසේ සිදුවීද යන්න පිළිබඳව තමන් පිළිතුරු බලාපොරොත්තු වන බවත් එම ලිපියෙන් නීතිඥ සංගමය අවධාරණය කර තිබේ.

මෙම සිදුවීම සම්බන්ධයෙන් ඇමරිකා එක්සත් ජනපදයේ තානාපතිනියද සිය කනස්සල්ල පළකර ඇත. ත්‍රස්තවාදය වැළැක්වීමේ පණත යටතේ සිරඟත කර සිටි රැඳවියන් නිදහස් කිරීම හොද තීරණයක් වුවද, දුමින්ද සිල්වා නිදහස් කිරීමෙන් නීතිය හෑල්ලුවට ලක්වන බවයි ඇය ප්‍රකාශ කර ඇත්තේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here