Home Hit ‘හරි දේ කරන පොලිස් නිලධාරීන් වෙනුවෙන් පෙනී සිටිනවා’ – මහජන ආරක්ෂක ඇමති

‘හරි දේ කරන පොලිස් නිලධාරීන් වෙනුවෙන් පෙනී සිටිනවා’ – මහජන ආරක්ෂක ඇමති

276

රාජකාරියේදී හරි දේ කරන්නැයි සියලු පොලිස් නිලධාරීන්ගෙන්ගෙන් ඉල්ලා සිටින බවත් හරි දේ කර නඩු වැටෙන නිලධාරීන් වෙනුවෙන් තමා පෙනී සිටින බවත් මහජන ආරක්ෂක අමාත්‍ය විශ්‍රාමික රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා පවසයි.

හරි දේ කර නඩු වැටුණහොත් ඒ සඳහා  එම නිලධාරීන්ගේ  අතින්  වියදම් කිරීමට තමා ඉඩ නොදෙන බවද ඔහු ප්‍රකාශ කළේය.

මහජන ආරක්ෂක ඇමතිවරයා මෙසේ පැවසුවේ පානදුර පිංවත්ත  නව පොලිස් ස්ථානය විවෘත කිරීමේ උත්සවයේදීය .

සරත් වීරසේකර මහතා එහිදී මෙසේද කීය .

“මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ  ප්‍රධානතම රාජකාරිය තමයි ජනතාවට බියෙන් සැකෙන් තොර සමාජයක් බිහි කරන එක. අපි බලයට එනකොට තිබුණේ බිය සැක පිරුණු සමාජයක්.පාතාල ක්‍රියාකාරකම් බොහෝදුරට අඩු කරගන්න අපිට හැකියාව ලැබුණා.ඒ වගේම කප්පම් ගැනීම් පවා අද අඩුවෙලා තියෙනවා.”

“හෝ රටේ ස්ත්‍රී දූෂණ ,ළමා අපචාර, මත් කුඩු ව්‍යාපාර නැති කිරීමට උපරිමයෙන් කටයුතු කරනවා. අපි ඒ සඳහා මහජන ආරක්ෂක කමිටු හැදුවා.  අපරාධ ගැන අපට තොරතුරු ලැබෙනවා නම් ඒ ගැන කටයුතු කරන්න පහසුයි”

මේ අවස්ථාවට  වරාය හා නාවික කටයුතු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන සහ රාජ්‍ය අමාත්‍ය ජයන්ත  සමරවීර යන මහත්වරුන් ඇතුළු පිරිසක් ද සහභාගි වූහ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here