Home Hit ‘කාබනිකද, රසායනිකද වැඩක් නෑ’ – ‘රසායනික පොහොර පාවිච්චි කරපු හාල් ගෙනාවට ප්‍රශ්නයක්...

‘කාබනිකද, රසායනිකද වැඩක් නෑ’ – ‘රසායනික පොහොර පාවිච්චි කරපු හාල් ගෙනාවට ප්‍රශ්නයක් නෑ’ – කෘෂිකර්ම ඇමති

461

සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් ආනයනය කිරීම සඳහා වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන ඉදිරිපත් කරන ලද යෝජනාවට ඊයේ (22) දිනයේදී කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා.

එසේ ආනයනය කරනු ලබන්නේ කාබනික පොහොර යෙදූ සහල් නොවන බවට මේ සම්බන්ධයෙන් අද දින පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් මහින්දානන්ද අළුත්ගමගේ අමාත්‍යවරයා පිළිගනු ලැබුවා.

අමාත්‍යවරයා මෙම අදහස් ප්‍රකාශ කර සිටියේ අමාත්‍යවරයා විසින් සහල් අතිරික්තයක් ඇති බවට ප්‍රකාශ කර තිබියදී මෙසේ සහල් ආනයනය කරන්නේ මන්ද යන්නත් එසේ ආනයනය කරන්නේ කාබනික පොහොර යෙදූ සහල්ද යන්නත් පිළිබඳව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහතා විසින් මතු කළ ප්‍රශ්නයට පිළිතුරු දෙමින්.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ පවසා සිටියේ සහල් මාෆියාව විසින් සහල් තොග සඟවා ඇති නිසා මෙසේ ආනයනය කිරීමට සිදුව ඇති බවත් තවමත් ගතවෙමින් පවතින්නේ යල කන්නය වන බැවින් එසේ ආනයනය කරන සහල් කාබනික පොහොර යෙදූ සහල් වීමේ අවශ්‍යතාවයක් නමැති බවත් ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here