Home Coronavirus 2020 ‘ලෝකයේ දත්ත ජාවාරමක් වෙනවා – කුමන්ත්‍රණයක් කියල කිව්වේ කුමන්ත්‍රණ කරුවා’ – වෛද්‍ය...

‘ලෝකයේ දත්ත ජාවාරමක් වෙනවා – කුමන්ත්‍රණයක් කියල කිව්වේ කුමන්ත්‍රණ කරුවා’ – වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන

379

උන්මත්තක වෛද්‍ය වෘත්තිය සමිති නායකයෝ පිරිසක් ජනාධිපතිව රවටා ඔහුව නොමග යවා ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ (GMOF) වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පවසයි.

ඒ මහතා කියා සිටින්නේ ලෝකයේ දත්ත ජාවාරමක් සිදුවන කාල සීමාවක වෘත්තිය සමිතියක ඉල්ලීමට අනුව දත්ත ලබා නොදීම හේතුවෙන් වසංගත රෝග විද්‍යා ඒකකයේ හිටපු අධ්‍යක්ෂක විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතාව ඉවත් කිරීමට කටයුතු කළ බව ඒ මහතා පැවසීය.

දත්ත වෙනස් කිරීමට හෝ සැඟවීමට එක පුද්ගලයකුට නොහැකි බවත් එය ඉහළට යන ක්‍රමවේදයක් ඇති බවත් ඇති බව පැවසු ඒ මහතා එය කුමන්ත්‍රණයක් යැයි පැවසුවේ කුමන්ත්‍රණ කරුවන් බව සඳහන් කළේය.

බලාපොරොත්තු වූ තරම් ජනාධිපතිවරයා ඥානවන්ත කාර්යශූර කෙනෙකු නොවන බවත් ඒ මහතා ඊයේ (20 වැනිදා) නාරාහේන්පිට අභයාරාම විහාරස්ථානයේ පැවැති මාධ්‍ය හමුවේදී සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here