Home Hit විමල්ගෙන් පොස්පේට් සමාගම ගැලෙව්වා වගේ, චමල්ගෙන් වාරිමාර්ග ගලවලා කෘෂිකර්මාන්තයට දෙන්න – වාසු

විමල්ගෙන් පොස්පේට් සමාගම ගැලෙව්වා වගේ, චමල්ගෙන් වාරිමාර්ග ගලවලා කෘෂිකර්මාන්තයට දෙන්න – වාසු

430

වත්මන් ආණ්ඩු බලය හොබවන සංධානය නියෝජනය කරන්න සුළු පක්ෂ සිටින්නේ පීඩනයෙන් බව ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා සඳහන් කරයි.

විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල ඇමතිවරුන්ට ඇතිකර තිබෙන තත්ත්වයන් යුක්තිසහගත නැති බවද ඇමතිවරයා පෙන්වා දෙයි.

විමල් වීරවංශ මහතාගේ යටතේ තිබූ පොස්පේට් සමාගම අලාභ ලබන තත්ත්වය සිට ලාභ ලබන තත්ත්වයට ගෙනැවිත් තිබියදී එය ඉවත් කිරීම කුඩා පක්ෂ මත ඇති කරන ලද පීඩනයක් හා සිත් රිදවීමක් යයිද ඇමතිවරයාගේ අදහසයි.

කෘෂිකර්මයට පොහොර අවශ්‍ය නිසා පොස්පේට් සමාගම තිබිය යුත්තේ කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ නම් ඒ අර්ථයෙන්ම වාරිමාර්ග දෙපාර්තමේන්තුව ද තිබිය යුත්තේ කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ බවත් එනිසා දැනට චමල් රාජපක්ෂ මහතා යටතේ තිබෙන වාරිමාර්ග දෙපාර්තමේන්තුව ද කෘෂිකර්ම අමාත්‍යාංශය යටතට පවරා පැවරිය යුතු බවත් ඔහු කියා සිටියේය.

සිය අමාත්‍යංශයේදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පල කරන ලදී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here