Home Environment පිලිස්සීමෙන් සහ රසායනික ද්‍රව්‍ය නිසා කැස්බෑවන් මියගිය බව පැහැදිළිව කියන්න පුළුවන් –...

පිලිස්සීමෙන් සහ රසායනික ද්‍රව්‍ය නිසා කැස්බෑවන් මියගිය බව පැහැදිළිව කියන්න පුළුවන් – විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ

628

මේ දිනවල ශ්‍රී ලංකාවේ වෙරළ තීරයට මියගොස් ගොඩ ගසන වඳවීමේ තර්ජනයට මුහුණ දී තිබෙන කැස්බෑවුන් ඇතුළු විවිධ මත්ස්‍යයින් එලෙස ගොගැසීමට හේතුව වසහයෙන් විවිධ පාර්ශ්ව විවිධ අදහස් පළකරනවා.

ඒ අතර රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතා කියා සිටියේ පරිසරවේදීන් පවසන අන්දමට එලෙස මුහුදු ජීවින් ගොඩගැසීම වාරකන් කාලය නිසා සිදුවන්නක් බවත් එය අසාමාන්‍ය තත්වයක් නොවන බවයි.

එහෙත් ඊයේ දිනයේ මාධ්‍ය හමුවකට එක්වෙමින් පරිසර අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා කියා සිටියේ මෙලෙස කැස්බෑවුන් මියයාමට හේතු වශයෙන් පැහැදිලිව හේතු 2ක් බවයි.

“Provisionallyකියන්න පුලුවන් ආකාර දෙකක්..එකක්, තමයි පිළිස්සීමෙන් මියගිහින් තියෙනවා..තාපය නිසා සහ රසායනික ද්‍රව්‍ය නිසා මිය ගිහිල්ලා තියෙනවා..ඒක බොහොම පැහැදිලිව පේන දෙයක්” ලෙස ඒ මහතා පැවසීය.

එමෙන්ම එක්ස්ප්‍රස් පර්ල් නෞකාව මත මේ වන විට පවතින බහලුම් ඉවත් නොකළහොත් සිදුවන පාරිසරික හානිය වඩාත් භයානක විය හැකි බව පරිසර අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ ප්‍රකාශ කළා.

පසුගිය මස 20 වන දා ඇති වූ ගි නි ගැනීමෙන් අනතුරුව මෙම නෞකාව මුහුදුබත් වූ අතර, එදින සිට මේ දක්වා කාලය තුළ කැස්බෑවන් 50 කට ආසන්න සංඛ්‍යාවකගේ සිරුරු දිවයින පුරා වෙරළ තීර වෙත ගොඩගසා තිබුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here