Home Hit ලියුම සම්බන්ධයෙන් පක්ෂයෙත්, මගේත් මතයේ වෙනසක් නැහැ – සාගර කාරියවසම්

ලියුම සම්බන්ධයෙන් පක්ෂයෙත්, මගේත් මතයේ වෙනසක් නැහැ – සාගර කාරියවසම්

199

බලශක්තිය අමාත්‍ය ධූරයෙන් උදය ගම්මන්පිල මහතා ඉල්ලා අස්විය යුතු බව ද සඳහන් කරමින් නිකුත් කළ නිවේදනයේ ඇති මතය සම්බන්ධයෙන් තවදුරටත් එම මතය තමන් දරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා සඳහන් කරනවා.

ඒ සම්බන්ධයෙන් තමන් මෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ද එම මතයේ සිටින බවද ඔහු කියා සිටියි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ කාර්යාලයේ ඊයේ පැවැති සාකච්ඡාවකට පැමිණෙමින් ඔහු මේ බව කියා සිටියේය.

මෙම සාකච්ඡාව සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන පසුපෙළ මන්ත්‍රීවරුන් පිරිසක් සහභාගි වී සිටියහ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යනු මේ රටේ ජනතාව විසින් බිහිකරන ලද ජනතාවගේ පක්ෂයක් යයිද කී ඔහු ජනතාව වෙනුවෙන් ගතයුතු තීරණ සියල්ල එලෙස ගන්නා බවද පැවසීය.

එම කටයුතු ඉදිරියටද එලෙසින්ම සිදු කරන බවද කියා සිටි අතර තමන් විසින් නිකුත් කරන ලද නිවේදනය ගැන පක්ෂය තුළ ප්‍රශ්නයක් මතු වී නැතැයිද තවදුරටත් කියා සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here