Home Hit “විශ්වාසභංගය ගේන්නේ මට නෙවෙයි සජිත්ට එරෙහිවයි” – ගම්මන්පිල

“විශ්වාසභංගය ගේන්නේ මට නෙවෙයි සජිත්ට එරෙහිවයි” – ගම්මන්පිල

438

විපක්ෂය ගෙන එන විශ්වාසභංග යෝජනාව තමන්ට එරෙහිව ගෙන එන්නක් නොව විපක්ෂ නායකවරයාට එරෙහිවම ගෙන එන්නක් බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසනවා.

මේ වනවිටත් එම යෝජනාව තමන්වෙත මන්ත්‍රීවරයෙකු යොමුකර ඇති බව පැවසු අමාත්‍යවරයා කියා සිටියේ ඒ සම්බන්ධයෙන් ඉදිරියේදී ජනතාව දැනුවත් කිරීමට තමන් බලාපොරොත්තු වන බවයි.

විපක්ෂනායක සජිත් ප්‍රේමදාස ඉවත් විය යුත්තේ තමන් නොව ආණ්ඩුව බවට ප්‍රකාශයක් නිකුත් කර තිබියදී තමන්ට විරුද්ධව මෙලෙස විශ්වාසභංගයක් ගෙන එන්නේ තමන්ට නොව එය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රකාශයට විරුද්ධ විශ්වාසභංගයක් බව ඒ මහතා සඳහන් කරනවා.

ලංකා ඛනිජ තෙල් සංස්ථාව මගින් නැගෙනහිර කොළඹ මූලික රෝහල වෙත දැඩි සත්කාර ඒකක ඇදන් කිහිපයක් පරිත්‍යාග කිරීමට අද පෙරවරුවේ එක්වූ අවස්ථාවේදී මාධ්‍යවේදීන් ඇසූ පැනයකට පිළිතුරු ලබා දෙමින් ගම්මන්පිල මහතා මෙම අදහස් පළ කලා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here