Home Hit ලෝක වෙළඳපොළේ තෙල් මිල පහළ ගියත් ඉන්ධන මිල අඩුකරන්න බැරි වෙයි –...

ලෝක වෙළඳපොළේ තෙල් මිල පහළ ගියත් ඉන්ධන මිල අඩුකරන්න බැරි වෙයි – ගම්මන්පිල

296

අදට අවශ්‍ය ඉන්ධන මිල දී ගැනීමටවත් ‘‘තෙල් සංස්ථාවට පමණක් නොව මහා භාණ්ඩාගාරයටවත් මුදල් නොමැති‘‘ බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, ඊයේ (ජූනි 15) පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ය.

ලෝක වෙළෙඳපොළේ තෙල් මිල අඩු අවස්ථාවන්හිදී තෙල් මිලට ගෙන, සංචිත තබා ගැනීමෙන් ලෝක වෙළෙඳපොළේ තෙල් මිල වැඩි අවස්ථාවල වුව ද මෙරට ජනතාවට තෙල් අඩු මිලට ලබා දීම තෙල් මිල ගැටලුවට විසඳුමක් නොවේ දැයි මාධ්‍යවේදියෙක් එහිදී අමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කළේ ය.

එහිදී අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, තෙල් ගබඩා කර ගැනීමට තබා අදට අවශ්‍ය ඉන්ධන මිල දී ගැනීමට පවා මුදල් නොමැති බවය.

එමෙන් ම, ලෝක වෙළෙඳපොළෙන් අද මිලදී ගන්නා තෙල් සඳහා මුදල් ගෙවීම සිදු කරන්නේ තවත් මාස 6කින් හෝ 9කින් බවත් ඊට හේතුව සිදුව ඇති මහා පරිමාණ පාඩුව බව ද අමාත්‍යවරයා පැවසීය.

තෙල් සංස්ථාවට මුදල් නොමැති අවස්ථාවක, තෙල් මිලට ගැනීම සඳහා මුදල්, මහා භාණ්ඩාගාරයෙන් ලබා ගත හැකි වුව ද ඒ සඳහා මහා භාණ්ඩාගාරයේ පවා මුදල් නොමැති බව අමාත්‍යවරයා එහිදී පෙන්වා දුන්නේ ය.

අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ, තෙල් මිලට ගැනීම සඳහා ඇති විශාලතම අර්බුදය ‘‘ඩොලර් නැතිකම‘‘ බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here