Home Hit ONLINE පන්තිවලට සිග්නල් සොයා බස් නැවතුමක දුක් විඳින සප්ත කන්‍යා පාමුල දරුවෝ...

ONLINE පන්තිවලට සිග්නල් සොයා බස් නැවතුමක දුක් විඳින සප්ත කන්‍යා පාමුල දරුවෝ (VIDEO)

305

හැටන්, නෝටන්බ්‍රිජ් හතරේ කණුව ප්‍රදේශයේ සිංහල සහ දමිළ පාසල් වල සිසු සිසුවියන් පිරිසක් නෝටන්බ්‍රිජ් සප්ත කන්‍යා පාමුල පිහිටි බස් නැවතුම්පොළකට පවතින අයහපත් කාලගුණ තත්ත්වය ද නොතකා ඔන්ලයින් පන්ති සඳහා සහභාගිවී වන බව වාර්තා වනවා.

නෝටන්බ්‍රිජ් හතරේ කණුව ප්‍රදේශයට දුරකතන සංඥා නොමැතිවීම හේතුවෙන් මෙලෙස නෝටන්බ්‍රිජ් සහ මස්කෙළිය, හපුගස්තලාව ප්‍රදේශවල පදිංචි පාසල් සිසුන් පිරිසක් තම නිවෙස් වල සිට විශාල දුරකින් පිහිටි සප්ත කන්‍යා කන්ද පාමුල පිහිටි බස් නැවතුම්පොළට උදෑසන මෙන්ම සවස් වරුවේද ඔන්ලයින් පන්ති පැවැත්වෙන වේලාවන්හිදී දිනපතා තම දෙමව්පියන් ද සමග පැමිණෙන බවය.

නෝටන්බ්‍රිජ් හතරේ කණුව ප්‍රදේශයට ඉන්ටර්නෙට් පරිශීලනය කිරීම සඳහා කිසිදු දුරකතන ජාලයක සංඥා නොමැති බවත් ඒ හේතුවෙන් එම ප්‍රදේශයට සංඥා කුළුණක් සවි කරදෙන මෙන් එම දරුවන් සහ දෙමව්පියෝ අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here