Home Hit X-PRESS PEARL දේශීය නියෝජිත ආයතනයේ සභාපතිට ඇප

X-PRESS PEARL දේශීය නියෝජිත ආයතනයේ සභාපතිට ඇප

256

මෙරට මුහුදු සීමාවේදී ගිනි ගත් එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් එහි දේශීය නියෝජිත ආයතනයේ සභාපති අර්ජුන හෙටිටිආරච්චි ඇප මත මුදා හැර තිබෙනවා.

කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා නියම කලේ රුපියල් ලක්ෂයක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප 02 ක් මත ඔහු මුදා හැරීමටයි.

අර්ජුන හෙට්ටිආරච්චිගේ විදෙස් ගමන් තහනම් කෙරුණු අතර විදෙස් ගමන් බලපත්‍රය අධිකරණය භාරයට පත් කරන ලෙස ද නියම කෙරුණා.

නෞකාව ආපදාවට ලක්වූ අවස්ථාවේදී කපිතාන්වරයා සමග මව් සමාගම සහ දේශීය නියෝජිතායතනය කරන ලද සන්නිවේදන පිළිබද සොයාබැලීමේදී අනාවරණ වූ තොරතුරු මත අර්ජුන හෙට්ටිආරච්චි අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේ.

සභාපතිවරයා අද පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ පැය 02ක පමණ ප්‍රකාශයක් ද ලබා දී තිබෙනවා.

නඩුව වැඩිදුර විභාගය ජූලි 01 වනදා සිදු කෙරෙනු ඇති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here