Home Hit තෙල් මිල වැඩිවීමේ වේදනාව අමතක වෙන්න ආණ්ඩුව වෙනත් මාතෘකා සපයනවා –...

තෙල් මිල වැඩිවීමේ වේදනාව අමතක වෙන්න ආණ්ඩුව වෙනත් මාතෘකා සපයනවා – පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමි

340

වසංගත අවදානමකින් පීඩාවට පත්ව සිටින මොහොතකදී ඉන්ධන සහ අනෙකුත් අත්‍යවශ්‍ය ආහාර මිල ගණන් ඉහළ දැමීමට රජය ගත් තීරණය නැවත වරක් සලකා බැලිය යුතු බව පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් අවධාරණය කරනවා.

පීඩාවට පත්ව ඇති ජනතාව තව තවත් පීඩාවට පත් නොකරන ලෙසයි උන්වහන්සේ රජයෙන් ඉල්ලා සිටින්නේ .

අද ඇඹිලිපිටිය ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඕමල්පේ සෝභිත හිමියන් මෙම අදහස් පළ කළා.

ඉහළ ගිය තෙල් මිල සම්බන්ධයෙන් ජනතා වේදනාව වෙනතකට යොමු කිරීමට ආණ්ඩුව වෙනත් මාතෘකා සපයමින් සිටින බවට සැකයක් මතුවන බව උන්වහන්සේ චෝදනා කරනවා.

විෂය භාර අමාත්‍යවරයා සහ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන පක්ෂයක ලේකම් වාරයක් අතර ගැටුම මඟින් පෙනී යන බව උන්වහන්සේ සඳහන් කරනවා.

තෙල් මිල මෙන්ම තවත් භාණ්ඩ වල මිල වැඩි වීමක් සම්බන්ධයෙන් අදහස් හුවමාරු වෙන බැවින් මෙම සෑම වැඩිවීමක්ම ජනතාව තවත් අපහසුතාවට පත්කරවන බවයි උන්වහන්සේ අදහස් දක්වමින් කියා සිටියේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here