Home Coronavirus 2020 කොවිෂීල්ඩ් පළමු මාත්‍රාව ගත් ශ්‍රි ලාංකිකයන්ට දෙවන මාත්‍රාව ලෙස ෆයිසර් එන්නත?

කොවිෂීල්ඩ් පළමු මාත්‍රාව ගත් ශ්‍රි ලාංකිකයන්ට දෙවන මාත්‍රාව ලෙස ෆයිසර් එන්නත?

366

Covid-19 වෛරසයට එරෙහිව කොවිෂීල්ඩ් එන්නත ලබා ගත් ශ්‍රි ලාංකිකයන්ගේ දෙවැනි එන්නත් මාත්‍රාව ලෙස ෆයිසර් එන්නත ලබා ගැනීමේ හැකියාව පිළිබඳ රජය, බෝවන රෝග පිළිබඳ උපදේශක කමිටුවේ උපදෙස් ලබා ගෙන ඇති බව Daily Mirror වාර්තා කරනවා.

ඒ අනුව බෝවන රෝග පිළිබඳ උපදේශක කමිටුවේ හි ස්ථාවරය පිළිබඳව තමාට දැනුම් දෙන ලෙස රාජ්‍ය නිෂ්පාදන, සැපයුම් හා නියාමන අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේලා ගුණවර්ධන මහතාගෙන් ඉල්ලා තිබෙනවා.

කොවිෂීල්ඩ් සහ ෆයිසර් එන්නත් මාත්‍රා සංයෝජනය කිරීමෙන් එන්නත් දෙකෙහි මාත්‍රා දෙකටම වඩා වැඩි ප්‍රතිශක්තියක් නිර්මාණය වන බවට මෑතක දී ජර්මානු අධ්‍යයනයකීන් හෙළි කරනු ලැබිණි.

මේ වන විට ශ්‍රී ලංකාව සඳහා කොවිෂීල්ඩ් එන්නතෙහි මාත්‍රා 600,000 ක් පමණ අවශ්‍ය වී ඇති අතර එම එන්නතෙහි මතුව ඇති හිඟය හේතුවෙන් රජය මෙම පියවරට සූදානම් වන බව සඳහන් වේ.

ඇස්ට‍්‍රාසෙනෙකා එන්නතේ පළමු මාත‍්‍රාව ලබාගත් පසු දෙවන මාත‍්‍රාව වශයෙන් ෆයිසර් එන්නත ලබාගැනීම ආරක්ෂිත බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ උපායමාර්ගික කළමනාකරණය පිළිබඳ ප‍්‍රධානී අලහෙන්ද්‍ර ක‍්‍රැවියෝටෝ ද සඳහන් කර තිබුනා.

අලහෙන්ද්‍ර ක‍්‍රැවියෝටෝ පවසන්නේ එන්නත් මිශ‍්‍ර කිරීම හා ගැළපීම ආරක්ෂිත බවය.

එහෙත් මෙය ඇස්ට‍්‍රාසෙනෙකා එන්නත පළමු මාත‍්‍රාව වශයෙන් ලබාගෙන, දෙවන මාත‍්‍රාව ලෙස ෆයිසර් එන්නත ලබාගැනීම පමණක් බවද හෙතෙම ප‍්‍රකාශ කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here