Home Hit පොහොට්ටුව, ගම්මන්පිලට ඉල්ලා අස්වෙන්න කීම සාහසිකයි – වාසු

පොහොට්ටුව, ගම්මන්පිලට ඉල්ලා අස්වෙන්න කීම සාහසිකයි – වාසු

285

අමාත්‍ය උදය ගම්මන්පිළ මහතා සම්බන්ධව පොදුජන එක්සත් පෙරමුණ විසින් සිදු කළ ප්‍රකාශය සාහසික බව අමාත්‍ය වාසුදේව නානයක්කාර මහතා පවසනවා.

ඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ ඊයේ (13) දින මලලසේකර මාවතේ පිහිටි කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ නිවසේ පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිවේදනය සම්බන්දයෙන් තම මතය ප්‍රකාශ කිරීම සඳහා අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ඊයේ (13) පස්වරු 2.00 ට විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක්ද කැඳවා තිබුනා.

කොවිඩ් වසංගතයෙන් ජනතාවගේ ජීවිත අර්බුදකාරී තත්වයකට පත්ව තිබියදී රජය අපහසුතාවයට පත් කිරීම සඳහා සිතාමතාම මෙවැනි තීරණයක් ගත්තාදැයි සැකයක් පවතින බවත් එබැවින් ඉන්ධන මිල වැඩිවීම සම්බන්ධයෙන් වගකීම භාරගෙන සිය අමාත්‍යධූරයෙන් ඉල්ලා අස්වෙන ලෙස අමාත්‍ය උදය ගම්මන්පිළ මහතා හට පොදුජන එක්සත් පෙරමුණේ ප්‍රධාන ලේකම් නීතිඥ සාගර කාරියවසම්ගේ අත්සනින් යුතුව නිවේදනයක් නිකුත් කරමින් ඉකුත් 12 වැනිදා දින දැනුම්දෙනු ලැබුවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here