Home Hit “සැප වාහන එපා – ඒ මුදලින් එන්නත් ගෙන්වන්න” – සමගි ජන බලවේගය...

“සැප වාහන එපා – ඒ මුදලින් එන්නත් ගෙන්වන්න” – සමගි ජන බලවේගය කියයි

306

බදු ගෙවන්නන්ගේ මුදලින් මන්ත්‍රීවරුන් වෙත වාහන ලබාදීම සඳහා වු රජයේ යෝජනාව සමගි ජන බලවේගය ප්‍රතික්ෂේප කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කරනවා.

රට තුළ පවත්නා මෙම සීමිත අරමුදල් සියලූ ශ්‍රී ලාංකිකයන් වෙත එන්නත් ලබාදීම සඳහා උපයෝගී කරගන්නා ලෙස රජයට බල කරන බවයි ඔහු කියා සිටියේ.

දේශපාලනඥයන්ගේ ජීවිත සුඛිත මුදිත කරනු පිණිස මහජන සම්පත් යොදාගැනීම සමගි ජන බලවේගය කිසිදිනක අනුමත නොකරන බවත් විපක්ෂ නායකවරයා සඳහන් කලා.

ඒ වෙනුවට එම සම්පත් ආයෝජනය කළයුතු වන්නේ සමෘද්ධිමත් හා සංවර්ධිත මව්බිමක් ප්‍රවර්ධනය කරනු උදෙසා බවයි සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

May be an image of 1 person and text that says 'Sajith Premadasa 4h. බදු ගෙවන්නන්ගේ මුදලින් මන්ත්‍රීවරුන් වෙත වාහන ලබාදීම සඳහා වු රජයේ යෝජනාව සමගි ජන බලවේගයේ අපි ප්‍රතික්ෂේප කරන්නෙමු. රටතුළ පවත්නා මෙම සීමිත අරමුදල් සියලු ලාංකිකයන් වෙත එන්නත් ලබාදීම සඳහා උපයෝගි කරගන්නා ලෙස රජයට බල කරමු. දේශපාලනඥයන්ගේ ජීවිත සුබිත මුදිත කරනු පිණිස මහජන සම්පත් යොදාගැනීම සමගි ජන බලවේගය විසින් කිසිදින අනුමත නොකරනු ඇත. ඒ වෙනුවට එම සම්පත් ආයෝජනය කළයුතු වන්නේ සමෘද්ධිමත් හා සංවර්ධිත මව්බිමක් ප්‍රවර්ධනය කරනු උදෙසාය.'

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here