Home Hit ඉන්ධන මිල ඉහළ දැම්මෙ ජනපතිගේ සහ අගමැතිගේ අනුමැතියෙන් – ගම්මන්පිල

ඉන්ධන මිල ඉහළ දැම්මෙ ජනපතිගේ සහ අගමැතිගේ අනුමැතියෙන් – ගම්මන්පිල

283

තෙල් මිල සංශෝධනය සිදුකළේ ජනාධිපතිවරයාගේ සහ අගමැතිවරයාගේ අනුමැතියෙන් වන බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිළ මහතා පවසනවා.

ඒ බලශක්ති අමාත්‍යංශයේ මීට සුළු මොහොතකට පෙර පැවති මාධ්‍ය සාකච්චාවක් අමතමින්

ජීවන වියදම් අනුකමිටුවේ ප්‍රධානත්වය දරන්නේ අග්‍රාමාත්‍යවරයා බවත්, ඉන්ධන මිල සංශෝධනය පිළිබඳව යෝජනාව ජනාධිපතිවරයා වෙත යොමු කිරීමෙන් අනතුරුව ජනපතිවරයා විසින් විද්වත් මත විමසා අවසන් තීරණයක් ගැනීමට ජීවන වියදම් අනුකමිටුවට පැවරූ බවත් ඒ මහතා එහිදී සඳහන් කළා

ඒ අනුව, ජනපතිවරයාගේ සහ අග්‍රාමාත්‍යවරයාගේ තීරණයට එරෙහි වීම හේතුවෙන් ඉල්ලා අස්විය යුත්තේ තමාද සාගර කාරියවසම් මහතාද යන්න පැහැදිලි වන බවයි උදය ගම්මන්පිළ මහතා පවසන්නේ.

ඛණිජ තෙල් අමාත්‍යංශයේ අධික පාඩු පියවා ගැනීම උදෙසා තමන් දිගු සහ මධ්‍ය කාලීන සැලසුම් ක්‍රියාත්මක කරමින් සිටින බවත් එතෙක් කෙටිකාලීනව තෙල් මිල තීරණය වන්නේ ලෝක වෙළඳපොල සහ ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය මත මිස අමාත්‍යවරයාගේ බලපෑම මත නොවන බවත් ඒ මහතා පෙන්වා දෙනවා.

මෙම තත්වය හේතුවෙන් බැංකු පද්ධතියටද බලපෑමක් ඇතිවිය හැකිව තිබූ බවත් තෙල්මිල සංශෝධනය පිළිබඳව මහ බැකුවෙන්ද උපදෙස් ලබා දුන් බවත් අමාත්‍යවරයා පවසනවා. භාණ්ඩාගරය සමඟ සාකච්චා කර කිහිප අවස්ථාවකදීම බදු අඩු කිරීමක් සිදු කළද භාණ්ඩාගාරයද අර්බුදකාරී තත්වයක පවතින නිසා මෙම මිල සංශෝධනය අත්‍යාවශ්‍ය කරුණක් බවට පත්ව ඇති බවයි ඒ මහතා පෙන්වාදෙන්නේ.

අදාල ප්‍රකාශය සාගර කාරියවසම් යන පුද්ගලයාගේ ප්‍රකාශයක් නම් ‘සාගරගේ පිස්සු කතා’ යැයි එය බැහැර කළ හැකිව තිබුනත් ඔහු එම ප්‍රකාශය සිදු කරන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම්වරයා ලෙස බැවින් මීට පිළිතුරු ලබා දීමට තීරණය කළ බවත් ඔහු වැඩිදුරටත් පවසා සිටියා.

ඉන්ධන මිල වැඩිවීම සම්බන්ධයෙන් වගකීම භාරගෙන සිය අමාත්‍යධූරයෙන් ඉල්ලා අස්වෙන ලෙස අමාත්‍ය උදය ගම්මන්පිළ මහතා හට පොදුජන එක්සත් පෙරමුණ විසින් ඊයේ (12) දින දැනුම්දෙනු ලැබුවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here