Home Hit X-Press Pearl ගින්නෙන් නැවතුන මීගමුව කලපුවේ ධීවර කටයුතු සඳහා අද සිට අවසර

X-Press Pearl ගින්නෙන් නැවතුන මීගමුව කලපුවේ ධීවර කටයුතු සඳහා අද සිට අවසර

272

අද (ජූනි 12) සිට මීගමුව කලපුවෙහි නැවත ධීවර කටයුතු වල යෙදීමට අවසර දෙන බව ධීවර රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ, නෞකාවෙන් පැමිණි අපද්‍රව්‍ය පවිත්‍ර කරන තෙක් එක් ප්‍රදේශයක් ධීවර කටයුතු සිදු නොකළ යුතු ප්‍රදේශයක් ලෙස දිගට ම පවතිනු ඇති බවය.

සති 3 කට පෙර MV X-Press Pearl නෞකාව ඇති වූ ගින්න හේතුවෙන් එම කලපුව අවට ධීවර කටයුතු නවතා දමා තිබිණ.

ඒ, එම නෞකාවේ තිබී පැමිණි ප්ලාස්ටික් සහ විෂ සහිත අපද්‍රව්‍ය හේතුවෙනි.

මේ අතර, අනතුරට පත් නෞකාවේ බලපෑම හේතුවෙන් මේ දක්වා ධීවර කටයුතුවල යෙදීමට නොහැකිව සිටින මීගමුව සිට පානදුර දක්වා මුහුදු තීරයේ ධීවරයන්ට එම මුහුදු කලාපය නිසි අධ්‍යනයකින් අනතුරුව කඩිනමින් විවෘත කර දෙන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසා ඇත.

ඊයේ (ජූනි 11) පස්වරුවේ X-Press Pearl නෞකාව සම්බන්ධයෙන් අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කර තිබේ.

කොවිඩ් වසංගත තත්ත්වයට සමගාමීව අඩු ආදායම් ලාභීන් වෙත ලබා දෙන රුපියල් 5,000 දීමනාව, නෞකාවේ ගින්න හේතුවෙන් අගතියට පත් ධීවර ප්‍රජාව සඳහා ද ලබන සඳුදා සිට ලබා දෙන බව අග්‍රාමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කර ඇත.

පරිසර, ධීවර, ආර්ථික ඇතුළු සියලු ක්ෂේත්‍ර කෙරෙහි අවධානය යොමු කරමින් නෞකාව ගිනි ගැනීමෙන් සිදුව ඇති හානිය පිළිබඳව පූර්ණ වශයෙන් තක්සේරු කිරීමට අග්‍රාමාත්‍යවරයා එහි දී උපදෙස් දී තිබේ.

තව ද අදාළ නෞකා සමාගමෙන් හානි පූර්ණ වන්දි ලබා ගැනීම සහ නෞකාව එම ස්ථානයෙන් ඉවත්කරවා ගැනීමටත් අවශ්‍ය නෛතික ක්‍රියාමාර්ග කඩිනම් කරන ලෙස අග්‍රාමාත්‍යවරයා උපදෙස් දී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here