Home Hit ‘සුපිරි වාහන ආනයනය නතර කරන්න බැරිනම් ලංකාවට ගෙනාවට පසුව ප්‍රසිද්ධ වෙන්දේසියේ අලෙවි...

‘සුපිරි වාහන ආනයනය නතර කරන්න බැරිනම් ලංකාවට ගෙනාවට පසුව ප්‍රසිද්ධ වෙන්දේසියේ අලෙවි කරන්න’ – JVP

442
0

පාර්ලිමේන්තු මැති ඇමතිවරුන් සදහා සුඛෝපබෝගී වාහන 227 ක් ආනයනය කිරීම සදහා කර ඇති ඇණවුම අහෝසි කිරීමට නොහැකිනම් එම වාහන මෙරටට ආනයනය කළ පසුව ඒවා ප්‍රසිද්ධ වෙන්දේසියේ විකුණා දමා එම මුදල් මහජනතාවගේ යහපත වෙනුවෙන් යොදවන්නැයි ජනතා විමුක්ති පෙරමුණ ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරනවා.

රුපියල් කෝටි 5 බැගින් වූ සුඛෝපබෙගී ජීප් රථ 227ක් රජය විසින් මන්ත්‍රිවරුන් වෙනුවෙන් ඇණවුම් කර ඇති බවයි පක්ෂ මූලස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවකදී ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර කුමාර දිසානායක මහතා කියා සිටියා.

මන්ත්‍රීවරුන් සදහා සුඛෝපබෝගී වාහන ගෙන්වීම පිටුපස විශාල මූල්‍ය වංචාවක් සිදුවන බවටද අනුර කුමාර දිසානායක මහතා මෙහිදී චෝදනා කර සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here