Home Coronavirus 2020 කොරෝනා මරණ සහ රෝගීන් ගණන හැංඟීමෙන් ජනතාවගේ බය සහ පරිස්සම නැති වෙනවා...

කොරෝනා මරණ සහ රෝගීන් ගණන හැංඟීමෙන් ජනතාවගේ බය සහ පරිස්සම නැති වෙනවා – තුෂාර ඉදුනිල්

179
0

කොවිඩ් වසංගතයෙන් මියයන සහ ආසාදිතයින් බවට පත්වන පුද්ගලයන් සංඛ්‍යාව පිළිබද සත්‍යය තොරතුරු ඉදිරිපත් කළ යුතු බව සමගි ජන බලවේගය අවධාරණය කරනවා.

ජනතාවට කොවිඩ් වසංගතයේ සැබෑ අවදානම් තත්වය අවබෝධ කරගැනීමට නිවැරදි සංඛ්‍යා දත්ත ඉවහල් වන බවයි විපක්ෂනායක කාර්යාලයේ අද පැවති මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රි තුෂාර ඉදුනිල් මහතා පෙන්වා දුන්නේ.

මෙරට දිනෙකදී වාර්තා වූ වැඩිම කොවිඩ් මරණ සංඛ්‍යාව ලෙස මරණ 101ක් අද දිනයේදී වාර්තාවීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් මන්ත්‍රිවරයා මේ බව කියා සිටියා.

අද කොරෝනා මරණ 100 ඉක්මවා වාර්තා වීම එතරම් පුදුම විය යුතු දෙයක් ලෙස තමන් නොදකින බවත් මීට මාස ගණනාවක සිට මෙරට 100 දෙසීය මියගිය මහතා මෙහිදී කියා සිටියා.

මෙම කොරෝනා මරණ සහ කොරෝනා ආසාදිතයින් වාර්තා කිරීම නිවැරදිව නොකිරීම නිසා ඒ සම්බන්ධයෙන් ජනතාවගේ බය සහ පරිස්සම අඩුවන බවත් ඇත්ත ඇති සැටියෙන් පැවසුවොත් ඉන්න මිනිසුන් අලයක් තම්බා කා හෝ ජීවත් වීමට උත්සහ ගනු ඇති බව වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here