Home Health මෛත්‍රීට චීනයෙන් දුන් පොරොන්දුව හෙට ජනතා අයිතියට (PHOTOS)

මෛත්‍රීට චීනයෙන් දුන් පොරොන්දුව හෙට ජනතා අයිතියට (PHOTOS)

374
0

චීනයේ පූර්ණ ප්‍රදානයක් ලෙස පොලොන්නරුවේදී ඉදිවූ ජාතික වෘක්කවේද (වකුගඩු) විශේෂිත රෝහල ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් 2021 ජූනි මස 11 වන දින පෙරවරු 10 විවෘත වේ ජනතා අයිතියට පත්කිරීමට නියමිතය.

මෙම රෝහල හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ චීන සංචාරය තුළදී චීන ජනපති ෂී ජින්පිං මහතා ලබාදුන් පොරොන්දුවක් අනුව ඉදිකරනු ලැබීය.

ඒ සඳහා වැයකර ඇති මුදල රුපියල් බිලියන 12කි. රෝහල සඳහා අවශ්‍ය සියලුම උපකරණද චීනය පරිත්‍යාග කර තිබේ.

චීන – ශ්‍රී ලංකා ජාතික වෘක්කවේද රෝහල ලෙසින් නම්කර ඇති මෙම රෝහල දකුණු ආසියාවේ ඇති විශාලතම වෘක්කවේද රෝහලද වෙයි.

මේ හරහා උතුරු මැද ඇතුළු දිවයිනේ බොහෝ ප්‍ර දේශවල ජනතාව පෙළෙන නිදන්ගත වකුගඩු රෝගීන්ට විශාල සේවාවක් ලබාදීමට අවස්ථාව තිබේ.

2017 වසරේ දෙසැම්බර් මාසයේදී මෙම රෝහලේ ඉදිකිරීම් ආරම්භ කළේය.

May be an image of outdoors
May be an image of outdoors
May be an image of indoor
May be an image of standing, office, indoor and hospital
May be an image of indoor
May be an image of standing and indoor
May be an image of indoor
May be an image of indoor

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here