Home Hit සහන දීර්ඝ කරන ලෙස මහ බැංකුවෙන් ලීසිං සමාගම් වලට දැනුම්දීමක්

සහන දීර්ඝ කරන ලෙස මහ බැංකුවෙන් ලීසිං සමාගම් වලට දැනුම්දීමක්

465

කොරෝනා වසංගතයේ තුන්වන රැල්ලෙන් පීඩාවට ලක්වූ ව්‍යාපාර සහ පුද්ගලයන්ගේ ණය පහසුකම් සඳහා ලබාදී ඇති සහන තවදුරටත් දීර්ඝ කරන ලෙස ශ්‍රී ලංකා මහබැංකුව සියලුම බලපත්‍රලාභී බැංකු නොවන මූල්‍ය සමාගම් සහ ලීසිං සමාගම් වෙත දැනුම් දී තිබෙනවා.

ඒ අනුව, එලෙස පීඩාවට පත් ව්‍යාපාර සහ පුද්ගලයන් ලබා ගත් ණය ආපසු ගෙවීමේ කාලය පිළිගත හැකි නැවත අය කරගැනීමේ සැලැස්මක් මත දීර්ඝ කරන ලෙසයි දන්වා ඇත්තේ.

මැයි 15 වනදා වනවිට සක්‍රියව පැවති මූල්‍ය පහසුකම්, අගෝස්තු 31 වනදා දක්වා මෙලෙස සහන ලබාදීමට සලකා බලන ලෙස ඉල්ලා තිබෙනවා.

එමෙන්ම, සහන කාලය තුල දඩ පොලී හෝ දින 10 ක කාලයක් දක්වා ප්‍රමාදවී ගෙවීම් සඳහා ගාස්තු අය නොකරන ලෙසත්, මහබැංකුව බැංකු නොවන මූල්‍ය ආයතන සහ ලීසිං සමාගම් වෙත නිකුත් කළ චක්‍රලේඛයේ සඳහන්.

මීට අමතරව, මේ වසරේ ජුනි 30 වනදා දක්වා ක්‍රෙඩිට් කාඩ් සහ අනෙකුත් ණය පහසුකම් සඳහා ප්‍රමාද ගාස්තු අය නොකරන ලෙස එමගින් දැනුම්දී තිබෙනවා.

අදාළ සහන සඳහා සුදුසුකම් ලබන ණය ලාභීන් ජූලි 15 වනදාට පෙර ලිඛිතව හෝ විද්‍යුත් මාධ්‍යයෙන් ඒ සඳහා ඉල්ලුම් කරන ලෙස ශ්‍රී ලංකා මහබැංකුව දැනුම් දෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here