Home Hit තරුණගාය තියෙන නාමල් රාජපක්ෂ අගමැතිකමට සුදුසුයි

තරුණගාය තියෙන නාමල් රාජපක්ෂ අගමැතිකමට සුදුසුයි

452
0

අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා අගමැතිකමට සුදුසු බව රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා පවසනවා.

ඒ අද (10) පැවති මාධ්‍ය සකච්ඡාවකට සහභාගී වෙමින්.

ඉතිහාසයේ සිටම රාජපක්ෂවරුන් යනු සියල්ලන්ටම උදව් කළ පිරිසක් බවත් සජිත් ප්‍රේමදාස මහතාට මෙන්ම රනිල් වික්‍රමසිංහ මහතාටත් රාජපක්ෂවරුන් උදව් කර ඇති බවත් ඒ මහතා පවසනවා.

කෙසේ නමුත් රනිල් වික්‍රමසිංහගේ තේමාවන් ඔස්සේ ගොස් ආණ්ඩුව හෝ පක්ෂය රැකීමට තරම් පහළට තම රජය තවමත් වැටී නොමැති බවයි රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

ශක්තිමත් අග්‍රාමාත්‍යවරයෙක් සහ ජනාධිපතිවරයෙක් සිටින අතර නාමල් රාජපක්ෂ මහතාද අනාගතයේදී අග්‍රාමාත්‍ය ධූරය දැරීමට සුදුසු බව ඒ මහතා පෙන්වා දෙනවා.

“අපිට තුනෙන් දෙකක බලයක් තියෙනවා. ඒ බලය දැනටත් අපි ක්‍රියාත් මක කරනවා. රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවට ආවත් නාවත් අපිට ගැටළුවක් නෑ. නාමල් රාජපක්ෂ මැතිතුමා අගමැතිකමට සුදුසුයි. මොකද එතුමා තරුණගාය තියෙන, පරිණත දේශපාලන ශක්තියක් තියෙන පුද්ගලයෙක්.” යැයි ඒ මහතා පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here