Home Hit පළමු ශ්‍රේණියේ සිට ඉංග්‍රීසි මාධ්‍ය අධ්‍යාපනයට ඇමති බන්දුලත් විරුද්ධයි

පළමු ශ්‍රේණියේ සිට ඉංග්‍රීසි මාධ්‍ය අධ්‍යාපනයට ඇමති බන්දුලත් විරුද්ධයි

439
0

පළමුවන ශ්‍රේණියේ සිට ඉංග්‍රීසි මාධ්‍ය අධ්‍යාපනය, ක්‍රියාවට නැංවීම සම්බන්ධයෙන් තමා හිටපු අධ්‍යාපන අමාත්‍යවරයෙකු ලෙස පැහැදිලිවම විරුද්ධත්වය පළ කරන බව වෙළඳ අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.

සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ එවැනි තීරණයක් ගැනීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් ද වන බවයි

පළමු ශ්‍රේණියේ සිට උසස් පෙළ දක්වා සියලු විෂයන් ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගැන්වීමට ඇති හැකියාව සොයා බැලීම සඳහා විද්වත් කමිටුවක් පත්කර ඇති බව මීට පෙර අවස්ථාවකදී අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් කපිල පෙරේරා මහතා පවසා සිටියා.

රට දරුවෙකුට තම මවු භාෂාවෙන්ම මූලික අධ්‍යාපනය ලබා දිය යුතු බවට යුනෙස්කෝ සංවිධානය විසින්ද නිර්දේශ කර ඇති බවයි මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් බන්දුල ගුණවර්ධන මහතා පෙන්වා දෙන්නේ.

සබැඳි ලිපි..

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here