Home Hit 03වන මාත්‍රාවක් අවශ්‍යනම් එය දැන්ම ඇණවුම් කරන්න – ජනපතිගෙන් උපදෙස්

03වන මාත්‍රාවක් අවශ්‍යනම් එය දැන්ම ඇණවුම් කරන්න – ජනපතිගෙන් උපදෙස්

560

එන්නත්කරණයට 03 වන මාත්‍රාවක් අවශ්‍යනම් එය දැන්ම ඇනවුම් කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සෞඛ්‍ය නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ කොවිඩ් මර්දන විශේෂ කමිටුව අද (10) පස්වරුවේ රැස්වූ අවස්ථාවේදීයි.

ලොව ප්‍රධාන පෙලේ රටවල් ගණනාවක් තුන්වන මාත්‍රාව සඳහා එන්නත් මේවන විටත් රැස් කරමින් සිටින බවත් තුන්වන මාත්‍රාවක් අවශ්‍ය නම් ශ්‍රී ලංකාවත් ඒ සඳහා සූදානම් විය යුතු බවත් සෞඛ්‍ය නිලධාරීන් විසින් ජනාධිපතිවරයාට පෙන්වා දෙනු ලැබුවා.

මීට පිළිතුරු දෙමින් ජනාධිපතිවරයා උපදෙස් දී සිටියේ රටේ ජනගහණයටම එන්නත්කරණය කිරීමට අවශ්‍ය එන්නත් තොගත් සමඟම තුන්වන මාත්‍රාවක් වෙනුවෙන්ද අවශ්‍ය ඇණවුම් කිරීම් සිදු කරන ලෙසයි

තමා රාජ්‍ය නායකයින් සමඟ දිනපතා සකච්ඡාවේ යෙදී අපහසුවෙන් ලබා ගන්නා එන්නත් ලබා දීමේදී රජය සහ තමා අපහසුතාවයට ලක් නොවන ලෙස නිසි ක්‍රමවේදයන් අනුගමනය කරන ලෙසත් ජනාධිපතිවරයා මෙහිදී නිලධාරීන්ට දන්වා සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here