Home Coronavirus 2020 කොවිඩ් ආසාදිතව දින 8ක බිළිඳෙක් මියයයි

කොවිඩ් ආසාදිතව දින 8ක බිළිඳෙක් මියයයි

199
0

ගම්පොළ මුලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි දින 8ක් වයසැති බිළිදෙක් කොවිඩ් නියුමෝනියාව හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ.

රජය ඊයේ (09) තහවුරු කළ මරණ අතරට එම බිළිදා ද අයත් වේ.

පසුගිය මැයි 25 වන දින මෙලොව උපත ලබා ඇති බිළිඳා මැයි 27 වන දින රෝහලෙන් පිටව ගොස් ඇත. නිවසට ගිය පසු ඇති වු වමනය හා උණ රෝගී තත්ත්වයක් හේතුවෙන් බිළිඳාව නැවත රෝහල් ගත කර තිබේ. ඉන් අනතුරුව සිදුකළ පීසීආර් පරීක්ෂණයක දී බිළිඳා ට කොවිඩ් ආසාදිත බවට තහවුරු වී ඇත.

ගම්පොළ, පුස්සැල්ලාව ප්‍රදේශයේ පදිංචි බිළිඳාගේ මවට හෝ පියාට මෙතෙක් පීසීආර් පරීක්ෂණයක් සිදුකර නොමැති අතර, ඔවුන්ගෙන් දරුවාට කොවිඩ් ආසාදනය වන්නට ඇතැයි වෛද්‍යවරු සැක පළ කරති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here