Home Coronavirus 2020 කොවිඩ් ආසාධනය වී සිංහයෙක් මියයයි – තවත් දෙදෙනෙකුට අසාධ්‍යයි

කොවිඩ් ආසාධනය වී සිංහයෙක් මියයයි – තවත් දෙදෙනෙකුට අසාධ්‍යයි

562
0

ඉන්දියාවේ චෙන්නායි නුවර ආසන්නයේ පිහිටි සත්ව උද්‍යානයක ජීවත් වූ වයස අවුරුදු 9ක් පමණ වන සිංහයෙකු කොවිඩ් ආසාධනය වීමෙන් මියගොස් ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර ඇත.

මෙය ඉන්දියාවෙන් වාර්තා වූ පළමු කොවිඩ් ආසාධිත සත්ව මරණය ලෙසද හැදින්වේ.

අවුරුදු 23 සහ 19 ක් වයසැති සිංහ ධේනුවන් දෙදෙනෙකුද කොවිඩ් ආසාධනය වීමෙන් බරපතළ ලෙස රෝගී වී ඇතැයි වාර්තා වනවා.

හයිද්‍රාබාද් නගරයේ නේරු සත්වෝද්‍යානයේ දී ආසියාතික සිංහයන් අට දෙනෙකු කොවිඩ් ආසාධනය වූ බවට තහවුරු වීමෙන් මාසයකට පසුව මෙම සිදුවීම වාර්තා වී ඇත.

අසල්වැසි පාකිස්තානයේ කොවිඩ් ආසාධනය වීමෙන් සුදු කොටි පැටවුන් දෙදෙනෙකු මියගොස් ඇති අතර ස්පාඥ්ඥයේ ද සතුන් කිහිප දෙනෙකු කොවිඩ් ආසාධිතයින් බවට හදුනාගෙන තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here