Home Hit නාමල් අග්‍රාමාත්‍යවරයා ලෙස පත් කරන්නේ නෑ – රජය

නාමල් අග්‍රාමාත්‍යවරයා ලෙස පත් කරන්නේ නෑ – රජය

1547
0

ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍යවරයා ලෙස පත්කිරීමට පියවර ගෙන ඇති බවට පැතිර යන ප්‍රකාශ රජය විසින් අද (08) ප්‍රතික්ෂේප කර තිබේ.

කැබිනට් සම-ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසුවේ එවැනි ප්‍රකාශ හුදු දේශපාලනික ප්‍රකාශ වන බවයි. එවැනි ප්‍රකාශයන් මාධ්‍ය විසින් බැරෑරුම් ලෙස සැලකිය යුතු නැති බවයි ඒ මහතා පවසන්නේ.

මෙවැනිදැ නිතරම ව්‍යාප්ත වන බවත් ෙම පුවත් සනාථ කළහොත් මිස එය බැරෑරුම් ලෙස සැලකිය යුතු නැති බවත් මාධ්‍ය අමාත්‍යවරයා පැවසීය.

නාමල් රාජපක්ෂ මහතා ලබන වසරේ හෝ ඊළඟ මහ මැතිවරණයට පෙර ඕනෑම වේලාවක අග්‍රාමාත්‍ය ධුරයට පත්වීමට ඉඩ ඇති බවට සමාජ මාධ්‍යවල වාර්තා පළ වී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here