Home Hit ලොව ප්‍රධාන පෙළේ වෙබ් අඩවි එකවර අක්‍රීය වේ

ලොව ප්‍රධාන පෙළේ වෙබ් අඩවි එකවර අක්‍රීය වේ

313
0

ලොව පුරා සමාජ මාධ්‍ය, රාජ්‍ය වෙබ් අඩවි සහ ප්‍රවෘත්ති වෙබ් අඩවි වල විවිධාකාරයේ ඇනහිටීම් වාර්තා ඇති වී ඇති අතර එක්සත් ජනපදය පදනම් කරගත් පරිගණක සේවා සැපයුම්කරු වන Fastly හි දෝෂයක් හේතුවෙන් මෙම තත්වය ඇතිවන්නට ඇති බව ඇතැම් වාර්තා පෙන්වා දෙයි.

රෙඩ්ඩිට්, ඇමේසන්, සීඑන්එන්, පේපෑල්, ස්පොට්ෆි සහ නිව් යෝර්ක් ටයිම්ස් ඇතුළු ඉහළ පරිශීලකයන් පිරිසක් ඇති වෙබ් අඩවි අද දින මෙසේ ඇණ හිට ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ.

එක්සත් රාජධානියේ නීතිපති ට්වීටර් සටහනක් මගින් දන්වා සිටියේ එරට ප්‍රධාන වෙබ් අඩවිය වන gov.uk ද අක්‍රිය වී ඇති බවයි.

අදාල ගැටළුව හඳුනාගෙන ඇති අතර එය නිවැරදි කර ඇති බවට නිවේදනයක් නිකුත් කරමින් Fastly සඳහන් කර සිටියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here