Home Business සංචරණ සීමාවන් හේතුවෙන් ප්‍රධාන පෙළේ පුද්ගලික වාණිජ බැංකු කිහිපයක් අද සිට වසා...

සංචරණ සීමාවන් හේතුවෙන් ප්‍රධාන පෙළේ පුද්ගලික වාණිජ බැංකු කිහිපයක් අද සිට වසා දමයි

692
0

මෙරට ප්‍රධාන පෙළේ පුද්ගලික වාණිජ බැංකු කිහිපයක් විසින් අද (07) සිට සතියක කාලයක් පුරාවට සාමාන්‍ය බැංකු සේවා සඳහා තම සියලුම ශාඛාවන් වසා තබන බව දැනුම් දී සිටී.

රටේ පවතින සංචරණ සීමාවන් හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බව අදාළ බැංකු විසින් වැඩිදුරටත් සඳහන් කරයි.

ඒ් අනුව කොමර්ෂල්, සම්පත්, සෙලාන්, DFCC , නේෂන්ස් ට්‍රස්ට්, අමානා, යූනියන් බැංකුව, NDB බැංකුව මෙලෙස සතිය පුරාවටම සිය ශාඛා ජාලය වසා තබන බවට දැනුම් දී සිටින අතර හෙට සහ අනිද්දා දිනයන් හිදී සිය ශාඛාවන් වසා තබන බව හැටන් නැෂනල් බැංකුව පවසයි.

මේ අතර මෙම බැංකු වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ ගනුදෙනු සඳහා සිය ඩිජිටල් බැංකු සේවා යොදා ගන්නා ලෙසයි.

එම බැංකු නිකුත් කර තිබූ නිවේදන පහතින්

May be an image of text

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here