Home Hit ඇමති සරත්ට පියුමි හංසමාලි ‘FB LIVE’ ඇවිත් පිං දෙයි

ඇමති සරත්ට පියුමි හංසමාලි ‘FB LIVE’ ඇවිත් පිං දෙයි

250

මහජන ආරක්ෂක අමාත්‍යවරයාට තමන් දුරකතනයෙන් කථා කර ඇත්තේ එක අවස්ථාවක බවත්, ඔහුගේ පුතාට කථා කර නොමැති බවත් මෝස්තර නිරූපිකාවක වන පියුමි හංසමාලි පවසයි.

සිය ෆේසබුක් ගිණුම ඔස්සේ ප්‍රකාශයක් කරමින් ඇය මේ බව සඳහන් කරයි.

තමන් පවසන්නේ අසත්‍ය නම් තමන්ගේ ජංගම දුරකතන අංක දෙක ලබාගෙන එහි බිල් ලබා ගන්නා ලෙසත් ඇය සඳහන් කරයි.

“බණ්ඩාරවෙල කියන්නේ ලස්සන නගරයක්. ඩොටේ කිව්වට සමාවෙන්න. වැරදි කළා නම් දඩුවම් විදින්න ඕන.

මට හරි අසාධාරණයක් වුණා. මම ඒකට මානව හිමිකම් යනවා. චමුදිත ඔයත් එක්ක පෞද්ගලික තරහක් නෑ. අපි ආවේගයෙන් මෙහෙට ආවට මෙහෙ අය අපිට සලකපු විදිහට අපේ හිතුණ තිබුණ තරහ එහෙම පිටින්ම ගියා.

මම හරිම සතුටෙන් මෙහෙ ඉන්නවා. ට්‍රිප් එකක් ආවා වගේ. හිතේ තියෙන එකම දුක දරුවා නැති එක. මම පුතාටත් කිව්වේ ට්‍රිප් එකක් ගියා කියලා හිතන්න කියලා. ” යනුවෙන්ද සඳහන් කළේය.

එමෙන්ම තමන් ඇතුළු පිරිසට උදව් කරන්නට ගොස් සමාජ මාධ්‍ය ජාල වල අපහසුතාවට පත්ව සිටින අමාත්‍ය සරත් වීරසේකර මහතාට පිං දීමටද පියුමි හංසමාලි මෙහිදී කටයුතු කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here