Home Hit ලුණු අතිරික්තයක් තියෙන නිසා ලුණු මිල අඩු කළා

ලුණු අතිරික්තයක් තියෙන නිසා ලුණු මිල අඩු කළා

317
0

රට තුල ලුණු අතිරික්තයක් පැවතීම හේතුවෙන් ලුණු මිල අඩු කිරීමට පියවර ගත් බව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා.

අමාත්‍යවරයා මේබව කියාසිටියේ පුත්තලම දිස්ත්‍රික්කයේ ලුණු නිෂ්පාදනය කෙරෙන පුත්තලම් ලුණු සමාගම, පෞද්ගලික අංශයේ ලුණු නිෂ්පාදනාගාර සහ ලුණු ලේවායන්වල නිරීක්ෂණයකට එක්වෙමින්.

ඔහු එහිදී පෙන්වා දුන්නේ පසුගිය දිනවල නෞකාවක් ගිනි ගැනීම හේතුවෙන් මෙරට ලුණු කර්මාන්තය කඩා වැටී ලුණු හිගයක් ඇතිවන බවට අනිසි මතවාදයක් මවාපෑමට විවිධ පාර්ශව උත්සාහ කළ ද කිසිදු හිඟයකින් තොරව ඉදිරි වසරකට අවශ්‍ය ලුණු තොග රාජ්‍ය සහ පෞද්ගලික අංශය සතුව පවතින බවයි.

එමෙන්ම තවත් වසරක පරිභෝජනය සඳහා ලුණු නිෂ්පාදනයට අවශ්‍ය මුහුදු ජලය මීට මාස 3ක පමණ කාලයක සිට රැස්කර අදාළ ලුණු නිෂ්පාදන ක්‍රියාවලියට භාජනය කෙරෙමින් පවතින බව ද ඔහු පෙන්වා දුන්නා.

මේවන විට රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ලුණු නිෂ්පාදන ආයතන හා ඉදිරි විනිමය ගිවිසුමකට එළඹ, පවතින මිලට වඩා අඩුවෙන් වසරක කාලයක් පුරා ස්ථාවර මිළකට සතොස අලෙවිසැල් හරහා ලුණු අලෙවි කිරීමට කටයුතු සලසා ඇති බවයි අමාත්‍ය බන්දුල ගුණවර්ධන සඳහන් කළේ.

ඒ අනුව ලුණු කැට කිලෝවක් රුපියල් 43කටත් ලුණු කුඩු ග්‍රෑම් 400ක් රුපියල් 35කටත් හිඟයකින් තොරව අලෙවි කරන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.

May be an image of one or more people and outdoors
May be an image of outdoors
May be an image of road
May be an image of 2 people and people standing

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here