Home Coronavirus 2020 ඊයේ කිසිඳු කොරෝනා මරණයක් වාර්තාවී නෑ – පෙර දිනයන් වල සිදු වූ...

ඊයේ කිසිඳු කොරෝනා මරණයක් වාර්තාවී නෑ – පෙර දිනයන් වල සිදු වූ මරණ 39ක් තහවුරු කරයි

322

මෙරටින් තවත් Covid-19 වෛරස් ආසාදිත මරණ 39ක් වාර්තාවී තිබෙනවා.

ඒ අනුව මෙරටින් වාර්තාවී ඇති සමස්ත මරණ සංඛ්‍යාව 1566ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඊයේ (02) දිනයේ කිසිදු මරණයක් වාර්තාවී නොමැති අතර ප්‍රකාශයට පත් කළ මෙම මරණ 39 සිදුවී ඇත්තේ පසුගිය මැයි මස 17 වනදා සිට ජූනි මස 01 වැනිදාදක්වායි.

මෙම පිරිස අතර කාන්තාවන් 19 දෙනෙකු සහ පිරිමි පුද්ගලයන් 20 දෙනෙකු වනවා.

ඔවුන්ගෙන් එක් අයෙකු නිවසේදී මියගොස් ඇති අතර රෝහල් ගතකරන අවස්ථාව වන විට මියගිය සංඛ්‍යාව 4ක්.

අනෙක් 34 දෙනා මියගොස් ඇත්තේ රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින අතරදීයි.

මේවන විට මෙරටින් කොරෝනා ආසාදිතයන් 192547ක් හමුවී ඇති අතර ඉන් 30267ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවනවා.

සුවය ලබා නිවෙස් වෙත පිටත්ව ගොස් ඇති සංඛ්‍යාව 160714ක්.

No photo description available.
May be an image of text

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here