Home Coronavirus 2020 ‘දැනට පවතින තත්ත්වය මත 07 වනදා රට විවෘත කරන්න පුළුවන්ද කියන බරපතළ...

‘දැනට පවතින තත්ත්වය මත 07 වනදා රට විවෘත කරන්න පුළුවන්ද කියන බරපතළ ගැටලුවක්’

593

ඇතැම් ආයතන ලාභ ලැබීමේ අරමුණින් සංචරණ සීමා නොසලකා හරිමින්, සෞඛ්‍ය මාර්ගෝපදේශ කඩකරමින් ඉතාම කණගාටුදාක ලෙස කටයුතු කරන තත්ත්වයක් උද්ගතව ඇති බවත් ඉදිරි දින කිහිපයෙත් තත්ත්වය මෙලෙස තිබුණහෝත් රට විවෘත කිරීමට නොහැකි වනු ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.

මේ තත්ත්වයට පොදුවේ මහජනතාව වගේම රාජ්‍ය ආයතන ප්‍රධානීන්, පෞද්ගලික ආයතන ප්‍රධානීන් වගකිවයුතු වන බවයි එහි සභාපති උපුල් රෝහණ මහතා පවසන්නේ.

ඒ මහතා වැඩිදුරටත් දැක්වූ අදහස් පහතින් ,

විශේෂයෙන් ඇතැම් පුද්ගලික ආයතන කිසිසේත් අත්‍යවශ්‍ය සේවා නොවන ආයතන සේවකයින් කැඳවමින් ඔවුන්ගේ ලාභ ලබාගැනීමේ අරමුණු කරගෙන කටයුතු කරනවා කියලා අපිට දිගින් දිගටම පෙනෙන්නට තිබෙනවා.

මේ කණගාටුදායක තත්ත්වය ඉදිරි දින කිහිපයෙත් තිබුණහෝත් මේ රට ඉදිරි දින කිහිපයේද විවෘත කිරීමට නොහැකි තත්ත්වයක් ඇතිවෙනවා.

ඒවාගේම මේ සැරිසරන සියලුදෙනාත්, සෞඛ්‍ය උපදෙස් කඩකරන සියලුදෙනාත්, රටේ අනෙකුත් මහජනතාවත් භයානක තත්ත්වයකට තල්ලුවෙමින් යන බවට පෙන්න තිබෙනවා.

මහජනතාව ඒ වාගේම ආයතන මට්ටමින් මේ උපදෙස් පිළිපදින්නේ නැහැ. ඔවුන්ට දී ඇති ආයතන පවත්වාගෙන යාමට අවශ්‍ය අවම කාර්යමණ්ඩලය කැඳවන්න දීලා තියෙන බලතල අවභාවිත කරන බවට පෙනෙන්න තිබෙනවා.

ඒ නිසා මේ විදිහට ගියොත් මේ රෝගීන් කිසිසේත් ඉදිරියට අඩුවෙන්නේ නැහැ. ඒවගේම මරණ සංඛ්‍යාව දෛනිකව වැඩිවෙනවා.

ඒ නිසා මරණ වැඩිවීම රෝගීන් වැඩිවීම තවදුරටත් ඉදිරියට මෙලෙස සිදුවෙන්නට පුළුවන්. මේ විදිහට සංචරණ සීමා නොතකමින් වගකීමෙන් කටයුතු නොකළහොත්.“

දැනට පවතින තත්ත්වය මත 07 වනදා රට විවෘත කරන්න පුළුවන්ද කියන බරපතළ ගැටලුවක් අපි ඉදිරියේ තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here