Home Coronavirus 2020 ‘පළමු මාත්‍රාවෙන්ම ප්‍රතිශක්තිකරණය ඉතා ඉහළ මට්ටමකට යනවා – දෙවැනි මාත්‍රාව අවශ්‍යද කියල...

‘පළමු මාත්‍රාවෙන්ම ප්‍රතිශක්තිකරණය ඉතා ඉහළ මට්ටමකට යනවා – දෙවැනි මාත්‍රාව අවශ්‍යද කියල සකච්ඡා කරනවා’

374
0

Sputnik V එන්නත නුවර ජනතාවට එන්නත් කර තිබූ අතර ‘ස්පුට්නික්-V එන්නත පළමු මාත්‍රාව පමණක් වුව ද ලබා ගැනීමට මම කැමැත්තෙමි’ යනුවෙන් මුද්‍රාවක් එන්නත ලබා ගැනීමට කැමැත්ත ප්‍රකාශ කිරීමේ පත්‍රයට ඇතුළත් කර තිබිණි.

පළමු මාත්‍රාවෙනම ප්‍රතිශක්තිකරණය ඉතා ඉහළ මට්ටමක තිබෙන බව සඳහන් අවන බවත් දෙවැනි මාත්‍රාව අවශ්‍යද යන්න මේ වන විට තාක්ෂණික කමිටුව සකච්ඡා කරන බවත් ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසනවා.

එක් මාත්‍රාවක් පමණක් ලබා දීම සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා පත් කළ තාක්ෂණික කමිටුවක් මගින් දුන් තීරණයක් බව ජනමාධ්‍ය අමාත්‍යවරයා සඳහන් කරනවා.

මේ පිළිබඳව ඊයේ (මැයි 31) සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියෙකු විමසූ අවස්ථාවේ සෞඛ්‍ය අමාත්‍යංශයේ අධ්‍යාපන, පුහුණු හා පර්යේෂණ ඒකකයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් සහ ආපදා කළමනාකරණ ඒකකයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා මෙසේ පැවසීය.

“අපිට නම් එහෙම දෙයක් වාර්තා වෙලා නෑ. ඒ පිළිබඳව එහෙම ප්‍රශ්නයක් තියනවා නම් අපි ඒක ප්‍රධාන මාධ්‍ය හරහා ඉදිරියේදී දැනුම් දෙන්නම්. එහෙම දේකට සෞඛ්‍ය අමාත්‍යංශය දැනුවත්ව එහෙම උපදේශයක් ලබා දීලා නෑ.”

විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා උක්ත සිදුවීමට සෞඛ්‍ය අමාත්‍යංශය උපදෙස් නොදුන් බව පැවසුව ද සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා පත් කර ඇති කමිටුවේ සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා ද ඇතුළත් ය.

අදාළ කමිටුවේ සාමාජිකයන් වන්නේ, සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ (මහජන සෞඛ්‍යය I) වෛද්‍ය එස්.එම්. ආර්නල්ඩ් (සභාපති), ලෝක සෞඛ්‍ය සංවිධානයේ ජාතික වැඩසටහන් නිලධාරී වෛද්‍ය නාලිකා ගුණවර්ධන, වසංගත රෝග විද්‍යා අංශයේ වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය හසිත තිසේරා, මහාචාර්ය නීලිකා මලවිගේ සහ වෛද්‍ය ඩී. දසනායක යන මහත්ම මහත්මීන් වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here