Home Coronavirus 2020 ගමේ මරණාධාර සමිතිය පවා විපතකදී වත්මන් ආණ්ඩුවට වඩා වගකීමෙන් ක්‍රියා කරනවා –...

ගමේ මරණාධාර සමිතිය පවා විපතකදී වත්මන් ආණ්ඩුවට වඩා වගකීමෙන් ක්‍රියා කරනවා – රුවන්

199
0

ගමේ මරණාධාර සමිතිය පවා විපතකදී වත්මන් ආණ්ඩුවට වඩා වගකීම් සහගත අයුරින් ක්‍රියා කරන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පවසනවා.

ආණ්ඩුව දැන්වත් දේශපාලන උද්දච්ච කමින් මිදී සෞඛ්‍ය උපදෙස් සහ පළපුරුදු දේශපාලන නායකයන්ගේ උපදෙස් අනුව තීරණ ගතයුතු බවද විජයවර්ධන මහතා පවසන බව ලංකාදීප වාර්තා කරනවා.

රට මුහුණපා ඇති වත්මන් අර්බුද පිළිබඳව අදහස් දක්වමින් වීඩියෝ තාක්ෂණය ඔස්සේ මාධ්‍ය ඇමතූ රුවන් විජයවර්ධන මහතා “වෛරස වෙිදය පිළිබඳ හොඳම විශේෂඥයෙක් ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමෙිත් සිටිනවා. ඒ මහාචාර්ය තිස්ස විතාරණ මහතායි. නමුත් ආණ්ඩුව එම විශේෂඥයන්ගේ උපදෙස් කණකට ගන්නා බවක් පෙනෙන්නේ නැහැ.ආණ්ඩුවට කොරෝනා වසංගතය පාලනය කර ගන්නට නොහැකි වී ඇත්තේ විශේෂඥ උපදෙස් පසෙකට දමා කොරෝනා වසංගතයෙනුත් දේශපාලනය කරන්නට තැත් කිරීම නිසයි.

වසංගතයක් යනු දේශපාලන තීරණ ක්‍රියාත්මක කළ යුතු තත්ත්වයක් නොවේ.වසංගතයක් මැඩලීමට නම් ක්‍රියාත්මක කළ යුත්තේ ඒ ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගේ උපදෙස් බව බාලාංශයේ දරුවෙක්ට වුණත් තේරෙන කාරණයක්. ආණ්ඩුව දැන් බල්ලගේ වැඩේ බූරුවා කරන්නා වගේ කොරෝනා මර්දනයටත් දේශපාලනය ඈඳාගෙන තිබෙනවා”යනුවෙන්ද රුවන් විජයවර්ධන මහතා කියයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here