Home Entertainment ශ්‍රී ලාංකික නිළි නිම්මි හරස්ගම බ්‍රිතාන්‍ය රූපවාහිනී සම්මානයක් සඳහා නම් වේ

ශ්‍රී ලාංකික නිළි නිම්මි හරස්ගම බ්‍රිතාන්‍ය රූපවාහිනී සම්මානයක් සඳහා නම් වේ

673

ශ්‍රී ලාංකික රංගන ශිල්පිණියක් වන නිම්මි හරස්ගම බ්‍රිතාන්‍ය ජාතික රූපවාහිනී සම්මානයක් වෙනුවෙන් නම් වී තිබේ.

ඒ ඇය රංගනයෙන් දායක වන ගුඩ් කර්මා හොස්පිටල්හි ඇයගේ රංගන දායකත්වය වෙනුවෙන්.

ඇයගේ නම යෝජනා වී ඇති ඛාණ්ඩයේ සිටින දැවැන්තයන් අතරට තමන්ගේ නමද එක්වීම සම්බන්ධයෙන් තා හට ඇත්තේ නිහතමානී ආඩම්බරයක් බව නිම්මි හරස්ගම පවසා සිටිනවා.

බ්‍රිතාන්‍යයේ ‘ITV PRIME TIME’ සේවාවේ විකාශය වන මෙම ටෙලි නාට්‍ය මාලාව ගෙතී ඇත්තේ ජීවිතයට නව ආරම්භයක් ලබා ගැනීමේ අපේක්ෂාවෙන් දකුණු ඉන්දියාව බලා පිටත්ව යන කලකිරුණු වෛද්‍යවරයකු වන රූබි වෝකර් වටායි.

මෙහි කතාව ඉන්දියාව මූලික කරගනිමින් නිර්මාණය වුවත්, එහි ඇතුළත් සියලු දර්ශන රූගත කිරීම් සිදු වූවේ ශ්‍රී ලංකාවේ ගාලු පුරවරය අවට කෙන්ද්‍ර කර ගනිමනි. එහිදි 19 වැනි සියවසට අයත් පැරැණි වලව්වක් වූ ගාල්ලේ අමරසූරිය වලව්ව මෙහි රූ ගත කිරීම් සඳහා යොදා ගැනිණි.

The Good Karma Hospital I Meet the cast and characters of series three -  Radio Times
The Good Karma Hospital | Interview with Nimmi Harasgama who plays Mari  Rodriguez - Bradford Zone | TV FEATURES 2018
Where is The Good Karma Hospital filmed? Sri Lanka filming locations for  the ITV series

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here