Home Hit ගෙවන මිලට වඩා වටින බඩු මල්ලක් ගෙදරටම එවනවා – බන්දුල

ගෙවන මිලට වඩා වටින බඩු මල්ලක් ගෙදරටම එවනවා – බන්දුල

467
0

අත්‍යවශ්‍ය භාණ්ඩ නිවසටම සපයා දීමේ වැඩපිළිවෙලක් සතොස අලෙවිසැල් ජාලය හරහා ආරම්භ කර ඇති බව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.

රුපියල් දහසේ සහන මල්ල, පන්දහසේ සහන මල්ල මෙන්ම ජනතාවට තවත් භාණ්ඩ 114 කට වැඩි ප්‍රමාණයක් නිවසටම ගෙන්වා ගැනීමට හැකියාව තිබෙන බවයි අමාත්‍යවරයා පවසන්නේ.

ලබන ජුනි 07 වැනිදා දක්වා සංචරණ සීමා අඛණ්ඩවම ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුව තීරණය කර තිබෙන අතර ජනතාව පත්වන අපහසුතා මගහරවා දැමීම සඳහා මෙම වැඩපිළිවෙල ආරම්භ කර තිබේ.

1998 ක්ෂණික දුරකතන අංකය ඇමතීමෙන් හෝ www.lankasathosa.lk වෙබ් අඩවියට පිවිසීමෙන් හෝ ජනතාවට අවශ්‍ය භාණ්ඩ ඉල්ලුම් කළ හැකිය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here