Home Coronavirus 2020 “සමහරු ගෑස් කරේ තියන් එන පින්තූර දාලා තිබුනා – ඒවා මොනවා කෙරුවත්...

“සමහරු ගෑස් කරේ තියන් එන පින්තූර දාලා තිබුනා – ඒවා මොනවා කෙරුවත් අපිට ගැටළුවක් නෑ”

687

ඊයේ දිනයේ සංචරණ සීමා ලිහිල් කිරීමත් සමඟ ඇතැමුන් නිසි පරිදි සෞඛ්‍ය උපදෙස් පිළිගත් බවක් පෙනෙන්නට නොතිබූ බවත් එබැවින් සංචරණ සීමා ලිහිල් කිරීම 100%ක් සාර්ථක නොවූ බවත් අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු පවසයි.

වාහන වල පැමිණ සාමාන්‍ය පරිදි හැසිරීමට ජනතාවට ඉඩ ලබා දුන්නේනම් දින කිහිපයක් වසා තැබීමේ සාර්ථක ප්‍රතිඵල වෙනුවට විශාල විනාශයක් වීමට ඉඩ තිබුන බව ඒ මහතා පවසනවා.

ඇතැම් පිරිස් ගෑස් සිලින්ඩර කරේ තියන් පැමිණෙන පින්තූර සමාජ මාධ්‍යයට යොමුකර තිබුනත් එවැනි දේ ගැටළුවක් නොවන බවත් කොරෝනා වයිරසයෙන් බේරිමටනම් සෞඛ්‍ය උපදෙස් පිළිපැදිය යුතු බවත් ඒ මහතා පෙන්වා දෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here