Home Hit බන්දුල අල ලූනු පෙන්නලා ජනතාව රවට්ටනවා – මේක ඉතියෝපියාවද?

බන්දුල අල ලූනු පෙන්නලා ජනතාව රවට්ටනවා – මේක ඉතියෝපියාවද?

264
0

21 රට වැසීමට කටයුතු කරන්නේ නම් ඒ වෙනුවෙන් ජනතාවට පහසුකම් සලසන ලෙසත් අවම වශයෙන් රු. 5000 දීමනාව හෝ නිසි ආකාරයට ලබා දීමට කටයුතු කරන ලෙසත් මහජන අයිතීන් සුරැකීමේ සංවිධානයේ කැඳවුම්කරු අසේල සම්පත් මහතා පවසයි.

පසුගිය වසරේ ජනතාව නිවසේ තිබුණු රන් ආභරණ උගස් තබා ජීවත් වූ නමුත් ඒවා යළි බේරාගැනීමට තරම් පරිසරයක් රට තුළ නොපැවති අතර හැමදාම අල සහ ලූනු කමින් ජනතාවට ජිවත් වීමත් නොහැකි බව ඔහු සඳහන් කර සිටියි.

බන්දුල ගුණවර්ධන ඇමතිවරයා ජනතාව රවටමින් අල සහ ලූනු පෙන්නමින් සිටින බවත් මේ රටේ සිටින්නේ ඉතියෝපියාවේ ජනතාව නොවන බව ඔහු අවබෝධකරගත යුතු බවත් ඒ මහතා පවසනවා.

තත්ත්වය කළමනාකරණය කර ගැනීම සඳහා කොවිඩ් මර්දන මෙහෙයුමේ සිටින ආරක්ෂක අංශ, සෞඛ්‍ය අංශ ඇතුළු පාර්ශව කටයුතු කරමින් සිටියද ආණ්ඩුව පාර්ශවයෙන් මෙම කාර්යයේදී ඔවුන් අසමත් බව අසේල සම්පත් මහතා වැඩිදුරටත් කියා සිටින ලදී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here