Home Hit වරාය නගර පනත් කෙටුම්පත ගැන ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවට රජය එකඟයි

වරාය නගර පනත් කෙටුම්පත ගැන ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවට රජය එකඟයි

226
0

වරාය නගර විශේෂ ආර්ථික කොමිසෂන් සභාව පිහිටුවීමට අදාලව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දී ඇති තීන්දුව පිළිගැනීමට රජය සූදානම් බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසනවා.

කෙසේ නමුත් පාර්ලිමේන්තුවේ සරළ බහුතරයකින් පනත සම්මත කර ගැනීම ආණ්ඩුවේ අරමුණ බවයි ඔහු පෙන්වා දෙන්නේ.

ඒ අනුව තුනෙන් දෙකක බහුතරයකින් සම්මත වියයුතු සහ ජනමත විචාරණයකින් සම්මත වියයුතු වගන්ති සංශෝධනය කර පනත් කෙටුම්පත නැවත සකස් කෙරෙනු ඇති.

මෙම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් පෙත්සම් 19 ක් ඉදිරිපත් වූ අතර එම පෙත්සම් සලකා බැලීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය සිය මතය කතානායකවරයා වෙත දන්වා තිබිණි. කතානායකවරයා ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය අද පාර්ලිමේන්තුව වෙත දැනුම් දුන් අතර ඒ අනුව පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරය බලයකින් සහ ජනමත විචාරණයකින් සම්මත වියයුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here