Home Hit දින 100ක් ගතවන විට ආසාදිතයින් මිලියනයක්

දින 100ක් ගතවන විට ආසාදිතයින් මිලියනයක්

777
0

රෝගීන් වාර්තා වීම සැළකීමේදී දින 100ක් ගතවන විට කොරෝනා ආසාදිතයින් මිලියනය ඉක්මවා යා හැකි බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසනවා.

“අපේ සාමාන්‍ය ගණනය කිරීම් අනුව දින 5 හෝ 6ක් ඇතුළත මේ රෝගය තවත් කෙනෙකුට බෝ කරනවා නම් සෑම දින 5කට වතාවක් මේ රෝගීන් සංඛ්‍යාව දෙගුණ වෙනවා. එහෙම වුණොත් අනිවාර්යයෙන්ම දින 100ක් පමණ කාලයක් ගතවෙනකොට 20 වතාවක් දෙගුණ වුණොත් මිලියනය ඉක්මවලා මේ රෝගීන් වාර්තා වෙන්න පුළුවන්.”

මේ අතර, හුදෙකලා කර ඇති ප්‍රදේශවල ඇඟලුම් කර්මාන්තශාලා පවත්වාගෙන යාම සඳහා ඒවාට සේවකයින් ප්‍රවාහනය කිරීම දැඩි සෞඛ්‍ය තර්ජනයක් වී ඇති බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා කියා සිටියේ.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවින්ද සොයිසා මහතා ද කොළඹ දී මාධ්‍ය හමුවක් කැදවමින් සදහන් කළේ ඉදිරි සති දෙක තීරණාත්මක බැවින් ජනතාව හැකිතාක් සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරමින් ක්‍රියා කළ යුතු බවටයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here