Home Hit PCR වැඩිකිරීමෙන් වෙන්නේ රටේ මුදල් පිටරටට යාමයි

PCR වැඩිකිරීමෙන් වෙන්නේ රටේ මුදල් පිටරටට යාමයි

2227
0

PCR පරීක්ෂණ වැඩි වශයෙන් සිදුකිරීමෙන් සිදුවන්නේ රටේ මහජනතාවගේ මුදල් විදෙස් රටවලට ඇදීයාම බැවින් මේ මොහොතේ කළයුත්තේ රෝගීන් අඩුකර ගැනීම හරහා PCR පරීක්ෂණ සිදුකිරීමේ අවශ්‍යතාවය අවම කරගැනීම බව මහජන සෞඛ්‍ය පිළිබඳ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි.

ඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ ඊයේ (17) දින මාධ්‍ය අමතමින්.

“16 දිනයේදී මම කිව්වා 27183ක් පහුගිය පැය 24 තුළ කරලා තියෙනවා. සාපේක්ෂව බැලුවාම මේක තමා අපි මීට කලින් තිබුණු ප්‍රමාණයට වඩා දෙගුණයකට වඩා වැඩිවෙලා තියෙනවා. අපට අවශ්‍ය වෙන්නෙ මේ රෝගීන් සංඛ්‍යාව පල්ලෙහාට ගෙන එන එකට අවශ්‍ය වැළැක්වීමේ කටයුත්ත වැඩි වැඩියෙන් කරලා රෝගීන් සංඛ්‍යාව සාපේක්ෂව අඩුකරගැනීම මිසක් මං හිතනවා ඉදිරියේදී එහෙම නොවුණොත් අපේ සාමාන්‍ය රජයට සහ අනෙකුත් සෞඛ්‍ය සේවයට තවත් විශාල වශයෙන් පරීක්ෂණ කිරීම සඳහා මේ ජනතාවගේ මුදල් පිටරට යැවීම තමා සිද්ධ වෙන්නෙ. අපි ඒක වැඩිකිරීම නොකරනවා නෙවෙයි, අවශ්‍ය වන්නේ ඒ තත්වය වැඩිවෙන්නේ නැතුව රෝගීන් අඩුකිරීම හරහා අපට PCR පරීක්ෂණ කිරීමේ අවශ්‍යතාවය අවම කරගැනීමයි මං හිතනවා මේ මොහොතේ සිද්ධ වෙන්න ඕනෙ” යැයි ඒ මහතා පවසයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here