Home Hit මේ අවස්ථාවේදී පෝට් සිටි පනත ගෙන ඒම දේශද්‍රෝහී ක්‍රියාවක්

මේ අවස්ථාවේදී පෝට් සිටි පනත ගෙන ඒම දේශද්‍රෝහී ක්‍රියාවක්

751
0

රට විශාල අර්බුදයක සිටින වෙලාවක,ජනතාව ජීවිත කාලය තුළ මුහුණ නොදුන් තරම් භයානක ව්‍යසනකාරී තත්ත්වයක, කලබලයේ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනතක් වැනි දෙයක් ගෙන ඒමට වඩා රටට,ජනතාවට ආදරය කරන නායකයන් සිටියි නම් එම ආණ්ඩුවල වගකීම වන්නේ පක්ෂ පාට භේදයකින් තොරව සියලු දෙනා එකතු කරගෙන ජනතාවගේ ජීවිත ආරක්ෂා කරගැනීම බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි.

මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ අද (18) වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ගැන කරුණු දැක්වීම සඳහා කැඳවා තිබුණු මාධ්‍ය හමුවේදීයි.

මිනිස් ජීවිත ආරක්ෂා කරගැනීම පසෙක තබා චීන රජයත් සමඟ එක්ව සිදුකරන ගණුදෙනුවට ප්‍රමුඛතාව දීමෙන් රට විශාල අගාධයක් කරා ගමන් ගන්නා බවයි රාජපක්ෂ මහතා කියාසිටියේ.

”මෙහි ප්‍රශ්නය වන්නේ ඇතැම් වගන්ති තුනෙන් දෙකකින් හෝ ජනමත විචාරණයකින් සම්මත කරගන්නවාද යන කාරණය නෙවෙයි. මේවගේ පනතක් ගෙනල්ලා රටේ ඉතා වටිනාම ඉඩම් කොටස බවට පත්වෙන මේ කොළඹ වරාය නගරය විදේශීය ආණ්ඩුවකට අයිති සමාගම්වලට ලබාදීම තුළ අපිට මුහුණ දීමට සිදුවන බරපතල ප්‍රශ්න සහ අප විසින් ලෝකයේ අනෙකුත් රාජ්‍යයන් බලවත් හතුරන් බවට පත්කරගැනීම හරහා අපි සියලු දෙනාගේ ජිවිත අනතුරේ හෙළා ගැනීම. ”

ඒ අනුව ලෝකයේ හොඳම නීතිය හඳුන්වා දුන්නත් එමඟින් රටේ ජනතාවගේ ජීවිත අනතුරේ වැටෙන්නේ නම් එය ද්‍රෝහී මෙන්ම දුෂ්ට ක්‍රියාවක් බව විජයදාස රාජපක්ෂ මහතා සඳහන් කරන ලදී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here