Home Hit තුන්වෙනි රැල්ලත් පාස්කු ප්‍රහාරය වගේ – දැන දැනත් වැළැක්වුවේ නෑ..!

තුන්වෙනි රැල්ලත් පාස්කු ප්‍රහාරය වගේ – දැන දැනත් වැළැක්වුවේ නෑ..!

125
0

මෙරට කොවිඩ් තුන්වෙනි රැල්ලේදීත් සිදුවූයේ පාස්කු ප්‍රහාරය හා සමානම සිදුවීමක් බවත් තුන්වෙනි රැල්ලක් පැමිණිය හැකි බවට තොරතුරු දැන දැනත් ආණ්ඩුව එය වැළැක්වීමට අදාළ ක්‍රියාමාර්ග නොගත් බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නායක කුමාර් ගුණරත්නම් මහතා පවසයි.

කුමාර් ගුණරත්නම් මහතා මේ බව පැවසුවේ ඊයේ (16) කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

“මෑත කාලයේ සිදුවන මේ වේගවත් මරණ අනුපාතය ඉහළ යෑම, රෝගී තත්වය වර්ධනය වීම, රෝගය වේගයෙන් ව්‍යාප්ත වීමට පැහැදිලිවම මේ ආණ්ඩුව වගකියන්න ඕනෙ. ඒක පැහැදිලිවම මනුෂ්‍යත්වයට එරෙහි අපරාධයක ස්වරූපය ගන්නවා. නිවැරදි වැඩපිළිවෙලක්, නිවැරදි ක්‍රියාමාර්ග අවශ්‍ය අංශත් එක්ක සාකච්ඡා කරලා ගත්තෙ නෑ.

ඒ අස්සෙ ධම්මික පැණියයි, මුට්ටියි අරහෙ මෙහෙ දාලා මේක සම්පූර්ණයෙන්ම මිත්‍යාව ඔස්සේ ගිහිල්ලා අමාත්‍යවරු මේකට උඩගෙඩි දුන්නා, සෞඛ්‍ය ඇමතිනිය සෘජුවම මේකට මැදිහත් වුණා. මේ සැරේ සමූහ ජන ඝාතනයකට අදාළ පසුබිම සකස් කළා. ඇත්තටම මේක ගත්තොත් අර දෙවැනි පාස්කු ප්‍රහාරය වගේ. තොරතුරු දැනගෙන මේක වැළැක්වුවේ නෑ”

“දැන් ඉටුකම කොවිඩ් අරමුදලට වෙච්ච දේ ගැන මේකෙ පාරදෘෂ්‍යභාවය නෑ. මේ මුදල් ආපු විදිහ, මොනවටද වියදම් කළේ, වියදම් කරපුවායේ ඇත්ත විස්තර, ඒවායේ නිවැරදි ගණන් හිලව් ජනතාවට දැනගන්න පුළුවන්කම තියෙන්න ඕනෙ. ඉටුකම අරමුදල හැදුවේ රජයේ සේවකයින්ගෙ දවසක වැටුප බලෙන් පරිත්‍යාග කරවාගෙන”යැයි ඒ මහතා පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here