Home Hit ගැසට් රිවස් කළාට පෝර්ට් සිටි පනත රිවස් කරන්න බෑ – ටිල්වින්

ගැසට් රිවස් කළාට පෝර්ට් සිටි පනත රිවස් කරන්න බෑ – ටිල්වින්

364
0

කොරෝනා වසංගතය පිළිබඳව රටේ සමස්ත ජනතාවගේම අවධානය යොමුව ඇති මොහෙතක ආණ්ඩුව කඩිමුඩියේ වරාය නගර ආර්ථික සංවර්ධන පනත කෙසේ හෝ සම්මත කර ගැනීමේ උත්සාහයක නිරතව සිටින බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසනවා.

ආණ්ඩුවට කෙතරම් හදිසි වී තිබෙනවාදැයි පවසනවා නම් අධිකරණයේ තීන්දුව ලැබීමටත් පෙරම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනීමට උත්සාහ කරන බවයි ජවිපෙ ලේකම්වරයා පවසන්නේ.

රටේ ස්වෛරීත්වය පිළිබඳව, ස්වාධීනත්වය පිළිබඳව, දේශප්‍රේමීත්වය පිළිබඳව පේටන්ට් අයිතිය ලියාගෙන සිටින පුද්ගලයන්, සළුපිලි දවටාගෙන සිටින පුද්ගලයන්ගේ සැබෑ දේශප්‍රේමීත්වය ඉදිරියේදී දැකගත හැකි වනු ඇති බවද ටිල්වින් සිල්වා මහතා පවසනවා. පාර්ලිමේන්තුව නියෝජනය කරන සැබෑ දේශප්‍රේමීන්ට, ඔවුන්ගේ දේ‍ශප්‍රේමීත්වය ඔප්පු කිරීම සඳහා අවස්තාවක් ලැබී ඇති බවයි ඔහු වැඩිදුරටත් පවසන්නේ.

“අපේ රටට අලුතින් එකතු කළ භූමියේ පාලනය සම්බන්ධයෙන් මේ පනත සම්මත වුණාට පස්සේ ආපහු හරවන්න බැහැ. මේක බරපතළ තීන්දුවක්. මේ ආණ්ඩුව රිවස් ආණ්ඩුවක් තමයි. ජනාධිපතිවරයාගේ බොහෝ ගැසට් රිවස් කරනවා. හැබැයි ගැසට් රිවස් කළාට මේ පෝට් සිටි පනත රිවස් කරන්න බැහැ. සම්මත කළොත් සම්මත කළාම තමයි. සම්මත කරන්න කලින් ජනතාවට අවබෝධ කර ගන්න ඉඩ හදන එක ඉතාම වැදගත්. ආණ්ඩුව ඒ කිසිවකට ඉඩ නොතබා ජනතාව වේදනාවට පත්වෙලා ඉන්න වෙලාවේ තක්කඩි විදිහට සම්මත කරගන්න යනවා.” යැයි ඒ මහතා වැඩිදුරටත් පවසනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here