Home Hit ආසාදිතයන් ගෙවල්වල තබා ගැනීමේ වැඩපිළිවෙල ගැන නිශ්චිත තීරණයක් ගෙන නෑ

ආසාදිතයන් ගෙවල්වල තබා ගැනීමේ වැඩපිළිවෙල ගැන නිශ්චිත තීරණයක් ගෙන නෑ

294
0

බරපතල ‍රෝග ලක්ෂණ නොමැති හා රෝග ලක්ෂණ පහළ නොවූ කොවිඩ් ආසාදිතයන් නිවෙස් තුළම රඳවා ඔවුන් පිළිබඳව අධීක්ෂණය කිරීමේ වැඩපිළිවෙල ආරම්භ කිරීම සම්බන්ධයෙන් තවමත් නිශ්චිත තීරණයක් ගෙන නොමැති බව කොවිඩ් රෝග පාලන රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසනවා.

එම වැඩපිළිවෙල සම්බන්ධයෙන් කොවිඩ් මර්දන කාර්යසාධක බලකාය සමග තවදුරටත් සාකච්ඡා කළයුතු බවයි ඇමතිවරිය පෙන්වා දෙන්නේ.

මෙම වැඩපිළිවෙල පළමුව එක් දිස්ත්‍රික්කයක පමණක් ආරම්භ කරන බවත් එහි ප්‍රගතිය අනුව සෙසු දිස්ත්‍රික්කවලට ව්‍යාප්ත කරන්නේද යන්න තීරණය කරන බවත් ඇය පවසනවා. මේ වනවිට දෛනිකව වැඩි ආසාදිතයන් ප්‍රමාණයක් වාර්තා වීම හේතුවෙන් සියලු ආසාදිතයන් රෝහල් සහ ප්‍රතිකාර මධ්‍යස්ථානවල රඳවා ගැනීමේ අභියෝගයකට සෞඛ්‍ය බළධාරීන් මුහුණ දී සිටී. මේ නිසා රෝග ලක්ෂණ පහළ නොවූ ඇතැම් ආසාදිතයන්ට ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත ඇතුළුවීමට පොරොත්තු ලේඛනයේ රැඳී සිටීමට සිදුව තිබෙනවා.

අද පැවති මාධ්‍ය හමුවකදී වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානී, විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කළේ බරපතල රෝග ලක්ෂ නොපෙන්වන ආසාදිතයන් දින 10 කට පසුව නිවෙස් වෙත මුදාහරින බවයි. ඉන්පසු ඔවුන්ට දින 04 ක ස්වයං නිරෝධායනයක් නියම කරන බවත් ඉන්පසුව සාමාන්‍ය පරිදි කටයුතු කිරීමට ඔවුන්ට නිදහස හිමිවන බවත් වෛද්‍යවරයා පවසනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here