Home Coronavirus 2020 කොරෝනා ආසාදනය වී සිටි තවත් ගැබිණි මවක් ජීවිතක්ෂයට

කොරෝනා ආසාදනය වී සිටි තවත් ගැබිණි මවක් ජීවිතක්ෂයට

639
0

කොරෝනා ආසාදනය වී සිටි තවත් ගැබිණි මවක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඒ අනුව කොරෝනා වැළඳීමෙන් මියගිය ගැබිණි මව්වරුන් සංඛ්‍යාව හතර දක්වා ඉහළ යනු ඇති.  

මෙලෙස මියගොස් ඇත්තේ තිස්සමහාරාම – යායගොඩ ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි  කාන්තාවක් වන අතර, ඇගේ කුස තුළ සිටි අටමස් බිළිඳාද ඊයේ රාත්‍රියේ මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ  මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහලේදීයි.

උණ සහ හුස්ම ගැනීමේ අපහසුතාවක් හේතුවෙන් මෙම කාන්තාව පසුගිය 5 වන දා තිස්සමහාරාම – දෙබරවැව රෝහලට ඇතුළත් වී තිබෙනවා.

එහිදී සිදුකරන ලද කොරෝනා පරීක්ෂාවකදී අනාවරණ වී ඇත්තේ ඇයට කොරෝනා ආසාදනය වී ඇති බවටයි.

පසුව ඇයගේ සැමියා ඇතුළු පවුලේ කිහිප දෙනෙකුට ද කොරෝනා පරීක්ෂණ සිදුකර ඇති අතර, එහිදී අනාවරණ වූයේ ගැබිණි මවගේ සැමියා සහ වැඩිමහල් දියණිය ඇතුළු 7 දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බවටයි.

කෙසේ වෙතත්, දෙබරවැව රෝහලට ඇතුළත් කෙරුණු අදාළ ගර්භනී කාන්තාව වැඩිදුර ප්‍රතිකාර සඳහා නෙවිල් ප්‍රනාන්දු රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදීයි ඇය ජීවිතක්ෂයට පත්වී ඇත්තේ.

මෙම කාන්තාව ඇතුළු පවුලේ ඥාතීන් පසුගිය දා මහරගම ප්‍රදේශයේ නිවසක පැවති සාදයකට ද සහභාගි වී තිබෙනවා.  

ප්‍රසව හා නාරිවේද විශේෂඥ මහාචාර්ය හේමන්ත සේනානායක සඳහන් කළේ ගැබිණි මව්වරුන් සහ ස්ථූල කාන්තා පිරිමි දෙපාර්ශවයටම කොරෝනා ආසාදනය වීමෙන් ඇති වන සංකූලතා කෙරෙහි දැඩි අවධානයක් යොමු කළ යුතු බවටයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here