Home Hit සංචරණ සීමා ඉවත් කළද හැදුනුම්පත් අංක ක්‍රමය 31දා තෙක්

සංචරණ සීමා ඉවත් කළද හැදුනුම්පත් අංක ක්‍රමය 31දා තෙක්

445
0

සති අන්තයේ සිට දිවයින පුරා ක්‍රියාත්මක කළ සංචරණ සීමා හෙට අළුයම 04ට ඉවත් කෙරෙන නමුත් ලබන 31වනදා තෙක් දෛනිකව රාත්‍රී 11 සිට අලුයම 04 දක්වා දිවයින පුරා සංචරණ සීමා පැනෙවෙන බව පොලිසිය සඳහන් කරනවා.

හැදුනුම්පත් අංක ක්‍රමයට අනුව හෙට දිනයේ නිවසින් පිටවීමට අවස්ථාව හිමි වන්නේ ජාතික හැදුනුම්පතේ අවසන් අංකය 1, 3, 5, 7 සහ 9 හිමි පුද්ගලයින්ටයි.

නිරෝධායන නීති උල්ලංඝනය කළ පුද්ගලයින් 306 දෙනෙකු ගතවූ පැය 24 තුලදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. බස්නාහිර පළාතට ඇතුලු වන සහ පිට වන ස්ථාන 12 කදී ඊයේ දිනයේදී පොලීසිය සහ යුධ හමුදාව වාහන 1,826 ක් පරීක්ෂාවට ලක් කළා. එහිදී රථවාහන 42 කින් පැමිණි පුද්ගලයින් 92 කට ආසන්න පිරිසක් පළාත් මායිම් අසලදී ආපසු හරවා යැවුණු බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ වැඩිදුරටත් සඳහන් කළේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here